Young-man-who-dyed-his-hair-and-beard-dies-within-an-hour-after-being-hospitalized-with-facial-burns
හඳ­පා­නා­ගල ප්‍රදේ­ශයේ කොණ්ඩා කපන ස්ථාන­යක කොණ්ඩය හා රැවුල ඩයි කිරී­මෙන් පැය­කට පමණ පසු ඇතිවූ පපුවේ වේද­නා­වක් හේතු­වෙන් රෝහ­ල්ගත කළ 37 හැවි­රිදි පුද්ග­ල­ය­කුගේ මර­ණය සම්බ­න්ධ­යෙන් බදුල්ල අධි­ක­රණ වෛද්‍ය ඩබ්.ඒ.සී. ලක්මාලි මහ­ත්මිය විවෘත තීන්දු­වක් ලබා දුන්නාය.



සිද්ධිය සිදු වූ පසු­ගි­යදා (24) උදෑ­සන 10.00ට පමණ හඳ­පා­නා­ගල, ඇතා­දු­ටු­වැව ලිපි­නයේ පදිංචි 37 හැවි­රිදි ගීගන ගමගේ චානක ඉඳු­නිල් නමැත්තා හඳ­පා­නා­ගල ප්‍රදේ­ශයේ පිහිටි කොණ්ඩා කපන ස්ථාන­ය­කට ගොස් ඇති අතර, එහිදී ඔහු කොණ්ඩය හා රැවුල කපා ඩයි කිරී­මක් ද සිදු කර­ගෙන තිබේ. අන­තු­රුව දහ­වල් 12.00ට පමණ මුහුණේ දැවි­ල්ලක් ද පපුවේ වේද­නා­වක් ද ඇති වී “ඉක්ම­නින් රෝහ­ලට යමු” යැයි සිය බිරි­යට පවසා ඇත. බිරිය ඇයගේ යතු­රු­පැ­දි­යෙන් වහාම සැමි­යාව හඳ­පා­නා­ගල ග්‍රාමීය රෝහ­ලට රැගෙ­න­විත් ඇති අතර, එහිදී වෛද්‍ය­ව­රුන් මූලික ප්‍රති­කාර ලබා දීමෙන් අන­තු­රුව මෙම පුද්ග­ල­යාව ගිල­න්ර­ථ­ය­කින් වැල්ල­වාය මූලික රෝහ­ලට එවා තිබේ. වැල්ල­වාය රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව ඔහු මිය­ගොස් ඇත.

මෙම මර­ණය සම්බ­න්ධ­යෙන්  වැල්ල­වාය හදිසි මරණ පරී­ක්ෂක එච්.එම්.ජේ. හේරත් මහ­තාගේ දැනු­ම්දී­ම­කට අනුව වැඩි­දුර විම­ර්ශ­නය සඳහා


බදුල්ල විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය ඩබ්.ඒ.සී. ලක්මාලි, වැල්ල­වාය අධි­ක­රණ වෛද්‍ය රොෂාන් හේවා­වි­තා­රණ, වැල්ල­වාය සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි ජේ.එම්. විම­ල­සූ­රිය යන මහත්ම මහ­ත්මීහු එම කොණ්ඩා කපන ස්ථාන­යට ගොස් ස්ථානීය පරී­ක්ෂ­ණ­යක් සිදු කළහ. එහිදී ඩයි කිරී­මට යොදා ගත් ඩයි වර්ග සහිත ආලේ­පන වැඩි­දුර විම­ර්ශන සඳහා ලබා ගන්නා ලෙස විශේ­ෂඥ වෛද්‍ය­ව­රිය වැල්ල­වාය පොලී­සිය වෙත උප­දෙස් ලබා දුන් අතර,

මර­ණ­යට අදාළ හදිසි මරණ පරී­ක්ෂ­ණය වැල්ල­වාය හදිසි මරණ පරී­ක්ෂක එච්.එම්.ජේ. හේරත් මහතා විසින් සිදු කරන ලදි.



පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය හා විශේ­ෂඥ අධි­ක­ර­ණය වෛද්‍ය පරී­ක්ෂ­ණය වැල්ල­වාය මහ රෝහලේ මෘත ශරී­රා­ර­යේදී බදුල්ල විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය ඩබ්.ඒ.සී. ලක්මාලි, වැල්ල­වාය අධි­ක­රණ වෛද්‍ය රොෂාන් හේවා­වි­තා­රණ යන මහත්ම මහ­ත්මීන් විසින් සිදු කරන ලදුව විවෘත තීන්දු­ව­කින් අන­තු­රුව මර­ණය ඥාතීන් වෙත නිද­හස් කර තිබේ. සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ වැල්ල­වාය පොලී­සිය සිදු කරයි.
(වැල්ල­වාය ජී.අයි.ආර්. ගරු­සිංහ)