There-is-a-50-shortage-of-constable-positions-required-by-the-police

ශ්‍රී ලංකා පොලිසියේ පිරිමි හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු අනුමත ප්‍රමාණයට වඩා 50%ක් අඩු බව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ. පොලිස් කොස්තාපල් තනතුරු 60,000ක් සහ කොස්තාපල්වරියන්ගේ තනතුරු 10,000ක් පොලිස් දෙපාර්තමේන්තුව සඳහා අනුමත වී ඇතත් 2023 වර්ෂය වන විට සිටියේ කොස්තාපල්වරුන් 30,909ක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 5,980ක් පමණක් බවද විගණන මහ ලේකම් කාර්යාලය සිය වාර්තාව මඟින් පෙන්වා දී ඇත. මේ අනුව කොස්තාපල්වරුන් 29,091ක් හා කොස්තාපල්වරියන් 4,020 ක පුරප්පාඩු තිබෙන බව විගණන මහ ලේකම් කාර්යාලය මඟින් ඉදිරිපත් කරන ලද විගණන වාර්තාවේ සඳහන්ය.




අනුමත සංඛ්‍යාව නොසලකා 2019 සහ 2020 වර්ෂවල උසස්වීම් සඳහා අනුමැතිය ලබාදීම හේතුවෙන් පොලිස්සැරයන් 10,900ක හා පොලිස් සැරයන්වරියන් 645ක අතිරික්තයක් සිටින බවද අදාළ විගණන වාර්තාවේ සඳහන් කර තිබේ. 2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනත අනුව 2023 වර්ෂය දක්වා ශ්‍රී ලංකා පොලිසියේ කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකරන ලද විගණනයට අදාළ විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සඳහන් වේ.


ප්‍රභූ ආරක්ෂාව සැලසීමට අදාළ පොලිස්පතිවරයාගේ 2020 සැප්තැම්බර් 30 දිනැති 2687/2020 චක්‍රලේඛයට පටහැනිව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ කමිටුව මඟින් 2023 වර්ෂය තුළ අදාළ නිලයේ නොමැති හා වෙනත් අය සඳහාද ප්‍රභූ ආරක්ෂාව සලසා තිබූ බවද අදාළ විගණන වාර්තාව මඟින් පෙන්වා දී ඇත. ප්‍රභූ ආරක්ෂාව සැලසිය හැකි පුද්ගලයන්ට අනුමත සීමාව ඉක්මවා වසර ගණනාවක් ප්‍රභූ ආරක්ෂකයන් අඛණ්ඩව අනුයුක්ත කර තිබූ බවත් ඒ වෙනුවෙන් වූ නෛතික ප්‍රතිපාදන විගණනයේදී අනාවරණය නොවූ බවත් විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.




ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යටතේ ඇති පොලිස් කොට්ඨාස 09 ක් සඳහා 2022 ජනවාරි 01 දිනට අනුයුක්ත කර සිටි 3884ක් වූ පොලිස් නිලධාර්න් සංඛ්‍යාව 2023 ජනවාරි 01 දිනට 4,859ක් දක්වා වැඩිකර තිබූ බවත් ඒ නිසාම ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ 2018 - 2022 දක්වා රුපියල් මිලියන 4,342ක් වූ සාමාන්‍ය වාර්ෂික වියදම 2023 වර්ෂයේදී රුපියල් මිලියන 5,833ක් දක්වා වැඩි වී තිබුණු බවත් විගණන වාර්තාවේ සඳහන් කර ඇත. මෙම මුදල් ප්‍රමාණය 2022 ට සාපේක්ෂව 2023 දී රුපියල් මිලියන 1,491/-ක වර්ධනයක් බවත් 50%කට ආසන්න පොලිස් නිලධාරි හිඟයක් පවතිද්දී ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් අනවශ්‍ය නිලධාරීර්න් ප්‍රමාණයක් අනුයුක්ත කර නාස්තිකාර වැය බරක් දැර්ම ජාතික අපරාධයක් බවත් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


1865 අංක 16 දරන පොලිස් ආඥා පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අනුව 2014දී සංශෝධය කළ යුතු ක්‍ෂේත්‍ර 16ක් හඳුනාගෙන තිබූ බවත් ඒ සඳහා 2014 නොවැම්බර් 19 දින කැබිනට් අනුමැතිය ලබා දී තිබෙන බවත් අදාළ විගණන වාර්තාව මඟින් පෙන්වා දී තිබේ. වසර 149ක් පැරණි පොලිස් ආඥා පනත වර්තමාන හා අනාගත සමාජීය හා තාක්ෂණික සංවර්ධන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි යාවත්කාලීන කර සංශෝධය කිර්මට කැබිනට් අනුමැතිය ලබා දී තිබුණද 2024 අප්‍රේල් මාසය වන විටත් පනත සංශෝධය නොවී තිබුණු බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා පොලිසියේ බොහෝ කඩාවැටීම්වලට සේවක හිඟය මෙන්ම පැරැණි නීතිර්තිද හරස් වී තිබෙන බව පොලිස් නිලධාහු ප්‍රකාශ කරති.