මෙය රාජ්‍ය සංචාරයක් බැවින් ජනාධිපතිවරයාට ඉහළම ප්‍රොටෝකෝලය පිරිනැමෙනු ඇත.
මෙම සංචාරය ඉන්දියාවේ 'අසල්වැසි ප්‍රථම ප්‍රතිපත්තියේ' සහ 'SAGAR' (කලාපයේ සියල්ලන් සඳහා ආරක්ෂාව සහ වර්ධනය) දැක්මේ ශ්‍රී ලංකාවේ මධ්‍යගත ස්ථානය යළි තහවුරු කිරීමක් වනු ඇතැයි එරට පළවන වාර්තා සඳහන් කරයි.
ජනාධිපතිවරයා බුද්ධගයාවටද සංචාරය කරනු ඇත. ජාතික ජන බලවේගයේ නායක වශයෙන් ජනාධිපති දිසානායක 2024 පෙබරවාරි මාසයේදී ICCR විශිෂ්ට අමුත්තන්ගේ වැඩසටහන යටතේ ඉන්දියාවේ සංචාරය කළේය.
ඒ අනුව ඔහු නව දිල්ලිය, ගුජරාටයේ අහමදාබාද් සහ කේරළයේ තිරුවනන්තපුරම් යන නගර තුනක සංචාරය කර ඇත.
ආචාර්ය ජයශංකර්ගේ සංචාරය මගින් පුළුල් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයට එක් කළ ධනාත්මක ගතිකය වැඩි දියුණු කිරීමට ජනාධිපතිවරයාගේ සංචාරය තුළින් අපේක්ෂා කෙරේ.
ඔහුගේ සංචාරය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 65ක් පමණ වටිනා නව ප්‍රදාන ව්‍යාපෘති, ඇමරිකානු ඩොලර් මිලියන 21ක් වටිනා දැනට පවතින ණය ප්‍රදාන බවට පරිවර්තනය කිරීම, දැනට ක්‍රියාත්මක වන මුලපිරීම්, ආයෝජන,
ධාරිතා ගොඩනැගීම ආදිය පිළිබඳ සාකච්ඡා සිදු විය. ACU SAARC යාන්ත්‍රණය යටතේ විශේෂ හුවමාරු විධිවිධානය යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 1.7කට වැඩි හිඟ ගෙවීම් ඉන්දියාව විසින් කල් දමා ඇත.
ශ්‍රී ලංකාවේ වතු කලාපයේ පාසල් නවයක් වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රදාන සහය ඉන්දියාව දෙගුණ කර ඇති අතර, ශ්‍රී ලංකාව පුරා ආගමික ස්ථාන 5,000ක සූර්ය විදුලි පැනල වහල මත සවි කිරීමේ ඇමරිකානු ඩොලර් මිලියන 17ක ඉන්දියානු ආධාර ව්‍යාපෘතියේ ස්ථාන හතරක් භාර දී ඇත.
0 Comments