බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව ඉදිරිපිට නවතා තිබූණු ත්‍රීරෝද රථයක්ද ඇතුළු වාහන රැසක කැබිහෝල් කඩා මුදල් හා දේපළ කොල්ලකෑ අයකු සොරාගත් භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාරියාංශය පවසයි.අත්අඩංගුවට ගෙත ඇත්තේ නීති උපාධියට ඉගෙනුම ලැබූ නිකවැරටිය රස්නායකපුර පදිංචි 27 හැවිරිදි අයකු බවද පොලිසිය කියයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති වැඩසටහනක් සඳහා පැමිණි ගුරුවරයකුට අයත් ත්‍රී රෝද රථයක කැබිය කඩා මුදල් හා දේපොළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.විමර්ශන අතරතුරදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයද විමර්ශනයක් ආරම්භ කළ අතර සැකකරු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
සැකකරුගේ නිවස පරික්ෂා කර ත්‍රීරෝද රථ සහ යතුරුපැදි කැබිවලින් සොරාගත් ජාතික හැඳුනුම්පත් දහයක් සහ වාහන රක්ෂණ හා ලියාපදිංචි සහතික විස්සක්ද සොයාගත් බව පොලිසිය පවසයි.සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්නකර වත්තල ප්‍රදේශයේ නිවසකින් සොරාගත් ත්‍රී රෝද රථයක් සහ වරාය නගරයෙන් හා වනාතවිල්ලුව ප්‍රදේශයෙන් සොරාගත් යතුරුපැදි දෙකක් ද තම බාරයට ගත් බව පොලිසිය පවසයි.
තවදුරටත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රථගාලේ නවතා තිබූණු යතුරු පැදියක කැබියකින් සොරාගත් ව්‍යාජ අංක තහඩු දෙකක් හා එම යතුරුපැදියේ ලිපි ලේඛනත්, කඩුවෙල නගරයේ නවතා තිබූණු ත්‍රීරෝද රථයකින් සොරා ගත් ලිපි ලේඛන සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ නවතා තිබූණු ත්‍රී රෝද රථයකින් සොරාගත් ලිපි ලේඛනද සොයාගත් බව පොලීසිය කියයි.
සැකකරු පසුගිය වසරේ රස්නායකපුර ප්‍රදේශයේ බැංකුවක ඒ ටි එම් යන්ත්‍රයක් කඩා රුපියල් 1,98,000 ක මුදලක් සොරාගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අනාවරණය වී ඇති අතර සැකකරු මෙම භාණ්ඩ අඩු මිලට උකස්කර අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවද පොලිසිය කියයි.සැකකරු නීති උපාධිය සඳහා අධ්‍යාපනය ලැබුවකු වන අතර මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමෙන් අනතුරුව ඉන් ඉවත්ව මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවද අනාවරණය වී ඇත.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments