ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාරිය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකොට ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ,පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින අතර එසේ පත්කෙරුණේ ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් සේවය කරමින් සිටියදී බවද පෙත්සමේ සඳහන් වේ.ඒ මහතා තවදුරටත් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් සේවය කරන බවද පෙත්සමේ සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණ පනත හා අනෙකුත් ව්‍යවස්ථාපිත නීතින් අනුව පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිමේදී සිය රාජකාරි වලින් ඉවත් විය යුතු වුවද එසේ කර නොමැති බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත.එබැවින් ඔහු මන්ත්‍රි ධුරය දැරිම සඳහා නුසුදුසු පුද්ගලයකු බව කියා සිටින පෙත්සම්කරු ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ‘ක්වො වොරන්ටෝ' රිඩ් ආඥාවක් නිකුත් කරන ලෙසද සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
(රන්ජන් කටුගම්පොල)
0 Comments