බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ෂකීබ් අල් හසන්, ඔහුගේ නීති විරෝධී පන්දු යැවීමේ ක්‍රියාවලිය හේතුවෙන් එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) විසින් සංවිධානය කරන සියලුම තරඟ වලින් පන්දු යැවීමෙන් තහනම් කර ඇත. ලෝබරො විශ්ව විද්‍යාලයේ සිදු කළ ස්වාධීන ඇගයීමකින් පසු මෙම තීරණය ගෙන ඇති අතර,
එමගින් ECB නියාමනයන්ට අනුව පන්දු යැවීමේදී ඔහුගේ එල්බෝ විහිදීම අවසර ලත් සීමාව වන අංශක 15 ඉක්මවා ගොස් ඇති බව හෙළි විය.
මෙම තහනම පැනවීමට හේතු වූයේ සැප්තැම්බර් මාසයේදී සරේ සහ සමර්සට් අතර පැවති කවුන්ටි චැම්පියන්ෂිප් තරඟයකදී පන්දු යවන ආකාරය පිළිබඳව තරඟ විනිසුරුවන් විසින් වාර්තා කිරීමෙන් පසුවය. එම තරඟයේදී කඩුලු 9ක් ලබා ගැනීමේ සුවිශේෂී දස්කමක් පෙන්වූවද, ඔහුගේ පන්දු යැවීමේ ශිල්පීය ක්‍රමය පිළිබඳ සැකය වැඩි දුර පරීක්ෂණයකට තුඩු දුන්නේය.
ECB විසින් 2024 දෙසැම්බර් 10 වන දින ඇගයීම් වාර්තා ලැබීමෙන් පසු මෙම තහනම නිල වශයෙන් ක්‍රියාත්මක කරන ලදී. තහනම ඉවත් කර ගැනීම සඳහා,
ෂකීබ් විසින් නැවත පන්දු යැවීමේ ක්‍රියාවලිය ඇගයීමකට ලක් කර නියාමනයන්ට අනුකූල බව පෙන්විය යුතුය. එතෙක් ඔහුට ECB සංවිධානය කරන කිසිදු තරඟයක පන්දු යවන්නෙකු ලෙස සහභාගී වීම තහනම් කර ඇත.
කෙසේ වෙතත් ෂකීබ්ට වෙනත් ජාත්‍යන්තර තරග වලදී මෙම තහනම තවම බලපා නැත.
ඔහුගේ දේශපාලන සම්බන්ධතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෑත කාලීන බැහැර වීම ඇතුළු ෂකීබ්ගේ වෘත්තීය ජීවිතය වටා ඇති වූ විවාදාත්මක සිදුවීම් මාලාවකට මෙම සිදුවීමද දැන් එක් වී තිබේ.
0 Comments