An-insurance-manager-killed-Dighadanthu-with-an-electric-shock

 කලා වැව, කහල්ල, පල්ලෙ­කැලේ අභය භූමියේ සැරි­ස­ර­මින් සිටි දීඝ­දන්තු එක නමින් දෙස් විදෙස් වශ­යෙන් ප්‍රච­ලිත දළ ඇතාට විදුලි සර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් ගල්කි­රි­යා­ගම වන ජීවී කාර්යා­ලයේ නිල­ධා­රීන් අත්අ­ඩං­ගු­වට ගත් මෙරට ප්‍රසිද්ධ රක්ෂණ සමා­ග­මක කැකි­රාව ශාඛාවේ කළ­ම­නා­ක­රු­වකු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට කැකි­රාව වැඩ බලන මහේ­ස්ත්‍රාත් ගැමුණු දිසා­නා­යක මහතා නියෝග කළේය.



මෙසේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළේ ගල්කි­රි­යා­ගම, හිඟු­රු­වැව ලිපි­නයේ පදිංචි උපුල් ප්‍රියන්ත බණ්ඩාර නමැ­ත්තෙකි.

සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් ගල්කි­රි­යා­ගම වන ජීවී කාර්යා­ලයේ අඩවි ආර­ක්ෂක ප්‍රසන්ත විජේ­කෝන් මහතා සඳ­හන් කළේ සැක­කරු අදාළ ඇතා ඝාත­නය කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන අන­ව­සර විදුලි රැහැන් සහ මෝටර් රථ බැට­රි­යක් සහ විදුලි පරි­ප­ථ­යක් සොයා ගැනී­මට හැකි වූ බවයි.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් වන විම­ර්ශන මෙතෙක් අව­සන්ව නොමැති බැවින් සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස වන ජීවී නිල­ධා­රියා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.



දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ­නා­යක ඕමල්පේ සෝභිත හිමි­යන් සභා­ප­ති­ත්වය දරන “ස්වභාව ධර්ම­යට සහ වන සතුන්ට යුක්තිය උදෙසා” සංවි­ධා­නය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ අනුර මැද්දෙ­ගොඩ මහ­තාගේ උප­දෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ අනු­රුද්ධ විජ­ය­රත්න මහතා දීඝ­දන්තු එක හස්ති­යාගේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් පැව­සුවේ මේ ඝාත­න­යෙන් අහිමි වූයේ දළ හස්තියා පම­ණක් නොව මේ රටට එන ඩොලර් ආදා­යම බවයි.

ඊට හේතුව මේ දළ ඇතා දැක බලා ගැනීම සඳ­හාම විදේ­ශ­ක­යන් මෙර­ටට පැමි­ණෙන බවත්, මෑත කාලයේ මෙලෙ­සම විදුලි සර වද්දවා සහ වෙඩි තබා මෙවැනි ඇතුන් රැසක් ඝාත­නය කර ඇති බවත් නිතී­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

දීඝ­ද­න්තුගේ මර­ණය සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැත්වූ පශු වෛද්‍ය චන්දන ජය­සිංහ මහතා තහ­වුරු කර ඇත්තේ අධික විදු­ලි­සර ශරී­රයේ ස්පර්ශ වීමෙන් හෘදය වස්තු­වට ඇති වූ කම්පන හේතු­වෙන් මේ දළ ඇතා මිය ගොස් ඇති බවත්,

ඇතාගේ උද­රයේ තිබී රුපි­යල් දහයේ කාසි­යක් සොයා ගැනී­මට හැකි වූ ඇති බවත්ය.

සැක­කරු වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නිතීඥ උදිත ඒක­නා­යක මහතා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේ චේත­නා­න්වි­ත­වම අන­ව­ස­ර­යෙන් විදුලි රැහැන් ඇද මේ දළ ඇතා ඝාත­නය කළ බවට තම සේවා­දා­ය­ක­යාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රති­ක්ෂේප කරන බවයි. ඒ අනුව ඔහු ඕනෑම ඇප කොන්දේ­සි­යක් මත ඔහු මුදා­හ­රින ලෙස ද නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

දෙපා­ර්ශ්වයේ කරුණු දැක්වීම සැල­කි­ල්ලට ගත් කැකි­රාව වැඩ බලන මහේ­ස්ත්‍රාත් ගැමුණු දිසා­නා­යක සැක­කරු මේ මස 12 වැනිදා දක්වා බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට නියෝග කළේය.
(අනු­රා­ධ­පුර - උපාලි ආනන්ද සහ බී. ජී. චතු­රංග)