Dr-Arjunas-MP-seat-Writ-petition-to-be-considered-on-the-15th

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අච්චුනා රාමනාදන් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කරන ඊට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සම ලබන ජනවාරි මස 15 වැනිදා සලකා බැලීමට දින නියම කෙරිණි.

ෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන්වන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.




පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන මහතා පාර්ලිමේන්තුවට තරග කිරීමේදී රජයේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරමින් සිටියේය. පාර්ලිමේන්තු මැතිවරණ පනත හා අනෙකුත් ව්‍යවස්ථාපිත නීති අනුව පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමේදී සිය රාජකාරිවලින් ඉවත්විය යුතු වුවද එසේ කර නොමැති බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත. එබැවින් ඔහු මන්ත්‍රීධුරය දැරිම සඳහා නුසුදුසු පුද්ගලයකු බව කියා සිටින පෙත්සම්කරු ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ක්වො චොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද සිය පෙත්සමෙන් ඉල්ලා ඇත. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අශෝක බලන් මහතා පෙනී සිටියේය.
( රන්ජන් කටුගම්පොල)