ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් දුන් එන්නතකින් පසුව සිසුවියෝ හය දෙනෙක් සහ සිසුවෙක් හදිසියේ අසනීප වී ඊයේ (17) දහවල් ඛෙලිහුල්ඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බ්ලලන්ගොඩ මූලික රෝහලට මාරු කර යවා ඇති බව සමනලවැව පොලිසිය පවසයි.
කෘෂි විද්‍යා පීඨයේ සිසු සිසුවියන් කෘෂි ක්ෂේත්‍ර පරීක්ෂාවට යෑමට පෙර පිටගැස්ම සඳහා විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (17) දුන් එන්නත් මාස දෙකක් පමණ කල් ඉකුත් වී තිබීම හේතුවෙන් මෙම අසනීප තත්වය ඇති වී තිබෙන බවට වාර්තා විය.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කිෂ්ණක නෙරන්ජින් මෙසේ පැවැසීය.
"සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයට අදාළව දෙවැනි වසර සහෝදරියන් හය දෙනකුට සහ එක් සහෝදරයකුට පිටගැස්ම සඳහා
දෙන මාස දෙකක් කල් ඉකුත් වූ බෙහෙත් ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් දිලා ඔවුන්ට හදිසි අසනීප තත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන් බෙලිහුල්ඔය රෝහලට සහ බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිසුන්ට බෙහෙත් ගැනීම සඳහා විශ්වවිද්‍යාලය තුළ ඇති එම වෛද්‍ය මධ්‍යස්ථානයේ විශාල ගැටලුකාරි තත්වයක් කාලයක සිට ඇති වෙලා තිබෙනවා. මෙහි තිබෙන ගැටලුකාරි තත්වය පිළිබඳව අපි විශ්වවිද්‍යාලයේ පරිපාලන සහ වගකිව යුතු බලධාරින් විටින් විට දැනුවත් කළා. නමුත් ගැටලුකාරි තත්වයට විසඳුමක් දී නැහැ. මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබෙන ගැටලුකාරි තත්වය හේතුවෙන් මීට පෙර ආචාර්යවරයකු සහ සිසුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණා."
බෙලිහුල්ඔය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් බැලීම සඳහා සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැමිණි අතර, ඒ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවැසුවේ, ඇති වී තිබෙන සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
( නාලක ජේ. හෙට්ටිආරච්චි)
0 Comments