ඉසුරුපාය ඉදිරිපිට විරෝධතා පවත්වමින් කළ බල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිවු දෙනා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙළ වැඩ බල මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා නියෝග කළේය.
ගුරුසේවයට බදවා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී එකමුතුව සංවිධානය කළ විරෝධාතව අතර තුර කලබල කළ සිවු දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකරුවන් එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
12 pm update
බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් අද (02දා) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළ අතර, එහිදී විරෝධතාවයේ නිරත සාමාජිකයින් විසුරවා හැරීමට පොලීසිය කටයුතු කර තිබේ.
වසර 4 ක් තිස්සෙ පාසල්වල ඉගැන්වීම් කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නැයි ඉල්ලා පැවති විරෝධතාවය
අවස්ථාවේදී විරෝධතාවයේ නිරත පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව උණුසුම් තත්තවය හටගෙන ඇත.
මෙම උද්ඝෝෂණය නිසා 174 කොට්ටාව-බොරැල්ල මාර්ගය පැය කිහිපයක් අවහිර විය.
0 Comments