බොරලැස්ගමුව, ගංගාරාම පාර ප්‍රසිද්ධ ඇලුමිනියම් නිෂ්පාදන ව්‍යාපාරික නිවසක ශාන්තිකර්මයක් කරන අතරතුර ව්‍යාපාරිකයාගේ රුපියල් ලක්ෂ විසි දෙකකට අධික වටිනා රන්භාණ්ඩ ව්‍යාජ රන්හාණ්ඩ වලට මාරු කර වංචාසහගතව සොරාගෙන පලාගිය කපුවකු හා එයට උදව් අනුබලදුන් පුද්ගලයාද සමග දෙදෙනකු ඉකුත් (27) වනදින බොරලැස්ගමුව පොලිස් අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
පොළොන්නරුව දියබෙදුම පදිංචිව සිටින වයස අවුරදු 20 ක්ද වන ඒ සඳහා අනුබල දෙමින් සහායදුන් අයගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අරණායක පැගිරි හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටින කපුවා වයස අවුරුදු 30ක අයෙකු බවට හඳුනාගත් බවත් පොලීසිය කියා සිටී.
ව්‍යාපාරිකයාගේ බිරිය එම නිවසේ පදිංචිව සිටින අතර, පසුගිය 21 වනදින හදිසියේ රෝගී තත්ත්වයට පත්වීම නිසා ව්‍යාපාරිකයා රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත. ඒ වනවිට ව්‍යාපාරිකයා පැලඳ සිටි රුපියල් ලක්ෂ විසි දෙකකට අධික රන්භාණ්ඩ ගලවා ජංගම දුරකථනයද සමග බිරියට නිවසට රැගෙන යාමට භාරදෙනු ලැබ ඇති බව පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
ඒ අතර නිවසට ගිය බිරියට 21 වනදින උදෑසන 8.00 ට පමණ ව්‍යාපාරිකයාගේ දුරකතනයට කතා කළ පුද්ගලයකු කියා ඇත්තේ තම සැමියා දැනට රෝහල්ගතව සිටින්නේ කවුරුන් හෝ කරන ලද කොඩිවිනයක බලපෑම නිසා වන අතර, ඒ සඳහා අද දිනම නිවසේදී ශාන්තිකර්මය කළයුතු බවත් නැතිනම් බරපතළ හානියක් බවත් කපුමහතා ලෙස පෙත් පුවලට සිදුවිය හැකි පුද්ගලයා බිරියට දැන්වීමෙන් පසු බිරිය එයට එකගවී ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව 21 වනදිනම ශාන්තිකර්මයට අවශ්‍ය කළමනා සමග කපුමහතා ගංගාරාම පිහිටි නිවසට පැමිණ දවස පුරාවට ශාන්තිකර්මය සිදුකරනු ලැබ ඇත. ඒ අතර ව්‍යාපාරික මහතා පැලඳ සිටි රන්භාණ්ඩ සියල්ලද දෝෂ මග හැරවීම සඳහා පේ කිරීමට රැගෙන එන ලෙස බිරියට දන්වා ඒ සඳහා නැවුම් මුට්ටියක් සහ සුදු රෙදි කඩක් ලබා දෙන ලෙසත් දන්වා ඇති බව පොලිසිය කියයි.
කපු මහතා එම රන්භාණ්ඩ සියල්ල මුට්ටිය තුළට දමා සුදුරෙදි කඩින් ආවරණය කර යහන තට්ටුව මත තමා ශාන්තිකර්මය සිදුකරගන යනු ලැබ ඇති අතර සැමියා ඉක්මනට සනීපකර නිවසට ගෙන්වා ගැනීමට හා සැමියාට ඇති ආදරය නිසාම මෙම ශාන්තිකර්මය පිළිබඳව කිසිදු සැකයක් නොමැතිව යාගය අතර එම ස්ථානයෙන් නික්ම නිවසේ වැඩ කටයුතු වලද නිරතව සිටිය බව බිරිය කළ ප්‍රකාශයේ සඳහන් වන බව පොලිසිය කියයි..
මෙයින් උපරිම ඵල නෙළාගත් කපුවා තමා රැගෙන ආ ව්‍යාජ රන්භාණ්ඩ සියල්ල ආරක්ෂා කරන මුට්ටියට දමා ව්‍යාපාරික සියලු රන්භාණ්ඩ මාරුකර ඉවත්කර මුට්ටිය පෙර ලෙසටම සකස්කර සැකයක් ඇති නොවන ආකාරයට ශාන්තිකර්මය සිදුකරගෙන ගොස් ඇත.
දහවල් වනවිට ශාන්තිකර්මය අවසන්කර බිරිය කැඳවා උපදෙස් ලබා දෙමින් කියා ඇත්තේ මෙම ආරක්ෂක මුට්ටිය සැමියා සනීපවී නිවසට පැමිණෙනතුරු කිසිම ආකාරයකින් විවෘත නොකර සුදුසු බුදුපිළිමයට පුදපූජා කරන තැන තැන්පත් කර තබන ලෙසත්ය.
මේ අතර 22 දින බිරිය විසින් මුට්ටිය සොලවා බලා රන්භාණ්ඩ සෙලවෙන බැවින් රෙදිකඩ මදක් ඉවත්කර බැලීමේදී තමා දුන් රන්භාණ්ඩ එහි නොමැති බවත් තමා වංචනික කපුවකුට අසුවී ඔහු රන්භාණ්ඩ සියල්ල මාරුකර පලාගොස් ඇති බව තේරුම් ගිය පසු ඒ අනුව 22 දිනම බොරලැස්ගමුව පොලීසිය වෙත පැමිණිලි කරනු ලැබ ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන අංශය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ නිර්දේශමත විද්‍යාත්මක සාක්ෂි ක්‍රමවේදයට අනුව පොලිස් කණ්ඩායමක් බිරියගේ ඥාතීන් සිටින ප්‍රදේශයට ගොස් ඒ වන විටත් එම නිවසට එම ප්‍රදේශයේ නිධානයක් ගැනීම සඳහා පෙර හොර කපුවාම ලෙසින් කථාකර පිල තොරතුරු විමසා ඇති බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර එම ඇමතුම් ලබාදුන් 20 හැවිරිදි තරුණයා ගෙන් ප්‍රශ්න කිරීමේදී අරණායක පැගිරි හන්දිය සිටින වයස 30. වෙද මහතා ලෙස රගපෑ පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේදී දින කීපයක් පුරා සිදුකළ විමර්ශනයකින් පසු ඉකුත් 27 වන දින මෙම පුද්ගලයන් දෙදෙනා සොරාගත් සියලු රන්භාණ්ඩ සමග අත්අඩංගුවට ගනු ලැබ ඇත .
(එච්.එම්.ධර්මපාල)
0 Comments