chamuditha-rupavahini-court-case

සමාජ ක්‍රියා­කා­රි­ක­යකු වන නාමල් කුමාර විසින් කාදි­නල් හිමි­පා­ණන්ට හා කතෝ­ලික ආග­මට අප­හාස කරනු ලැබීමක් සම්බ­න්ධ­යෙන් සිදු කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව ඒ ප්‍රකා­ශය විකාශය වූ බව කියන මාධ්‍ය­වේදී චමු­දිත සම­ර­වි­ක්‍රම මහ­තාට අයත් යූටි­යුබ් චැන­ල­යට සහ රූප­වා­හිනී ආය­තන පහ­කට එම සීඩී පට කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට දෙන ලෙස කොළඹ අංක 8 මහේ­ස්ත්‍රාත් තරංගා මහ­වත්ත මහ­ත්මිය ඊයේ (26) නියෝග කළාය.



කොළඹ අප­රාධ කොට්ඨා­සය ඊයේ දිනයේ මෝස­මක් ගොනු කර­මින් කොළඹ අලු­ත්කඩේ අධි­ක­ර­ණ­යට කළ කරුණු දැක්වී­මෙන් අන­තු­රුව මහේ­ස්ත්‍රා­ත්ව­රිය මේ නියෝ­ගය සිදු කළාය.

එම විම­ර්ශ­න­යට අදා­ළව නාමල් කුමාර යන අය විසින් සිදු කළ ප්‍රකා­ශය විකා­ශය කළ නාළි­කා­වල දර්ශන ඇතු­ළත් සීඩී පට විම­ර්ශන සඳහා ලබා දෙන ලෙස අධි­ක­ර­ණ­යෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය එම නියෝ­ගය නිකුත් කළාය.


මේ සම්බ­න්ධ­යෙන් ජාතික කතෝ­ලික සන්නි­වේ­දන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පිය­තුමා විසින් කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට කළ පැමි­ණි­ල්ලක් සම්බ­න්ධ­යෙන් සිදු කරන විම­ර්ශ­න­යක් සම්බ­න්ධ­යෙන් මෝස­මක් ගොනු කර­මින් කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය මේ නියෝග සිදු කළාය.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් කාදි­නල් හිමි­ය­න්ගෙන් ප්‍රකාශ ගෙන ඇති බව පොලී­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

එම නියෝ­ගය රූප­වා­හිනී නාළිකා සහ චමු­දිත සම­ර­වි­ක්‍රම යූටි­යුබ් නාළි­කා­වල ප්‍රධා­නීන්ට නිකුත් කරන ලෙස නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රිය විම­ර්ශන ප්‍රග­තිය අධි­ක­ර­ණ­යට දන්වන ලෙස නියෝග කළාය.
(සුභා­ෂිණී සේනා­නා­යක)