cid-driver-habaraduwa

උණ­ව­ටුන මුහුදු තීරු­වේදී මැණික් ව්‍යාපා­රි­ක­ය­කු­ගෙන් කප්පම් ගැනී­මට තැත් කිරීම සහ සංචා­රක අව­න්හ­ල­කින් බියර් කෑන් 8ක් කොල්ල­කෑම සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රියැ­දුරු කොස්තා­ප­ල්ව­ර­යකු සමඟ තවත් තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගත් බව හබ­රා­දූව පොලී­සිය පැව­සීය.



ගාල්ල තලා­පි­ටියේ පදිංචි මේ මැණික් ව්‍යාපා­රි­කයා තම මිතු­රන් තිදෙ­නකු සමඟ මෝටර් රථ­ය­කින් උණ­ව­ටුන මුහුදු වෙර­ළට ගොස් ඇති අතර, එහිදී ඔවුන් 4 දෙනා කොළ­කැඳ බීමට යමින් සිටින විට පැමිණි ප්‍රධාන සැක­කරු තමා පොලිස් නිල­ධා­රි­යකු බව පවසා පොලිස් හැඳු­නු­ම්පත පෙන්නා පළ­මුව රියැ­දුරු බල­පත ඉල්ලා තිබේ. අන­තු­රුව සැක­කරු විසින් මැණික් ව්‍යාපා­රි­ක­යා­ගෙන් මුදල් ඉල්ලා ඇත.

පසුව සැක­ක­රු­වන් එම ස්ථාන­යෙන් පිටව ගොස් තිබේ.

අන­තු­රුව උණ­ව­ටුන, යද්දෙ­හි­මුල්ල ප්‍රදේ­ශයේ අව­න්හ­ලක හිමි­කරු රාත්‍රී දොළ­හට පමණ අව­න්හල වසා පිටව ගොස් ඇති අතර, ඒ අව­ස්ථාවේ මුර­කරු පම­ණක් එහි සිටින විට ඇතුළු වූ මේ සැක­ක­රු­වන් මුර­කරු බිය ගන්වා එහි තිබූ බියර් කෑන් 8ක් පැහැ­ර­ගෙන පලා ගොස් තිබේ.

පසුව මේ පිළි­බඳ පොලී­සි­යට ලැබුණු පැමි­ණිලි මත සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ප්‍රධාන සැක­කරු කල­කට පෙර හබ­රා­දූව පොලී­සියේ රියැ­දුරු කොස්තා­ප­ල්ව­ර­යකු ලෙස සේවය කොට ස්ථාන මාරු වීමක් ලබා ගොස් ඇති බව විම­ර්ශ­න­ව­ලදී හෙළි වී තිබේ. සැක­ක­රු­වන් ඊයේ අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.
(එස්. දීය­ග­හගේ)