කොව්ඩ් සමයේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිල දී ගැනීමේදී සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් සෞඛ්‍ය ආමාත්‍යංශයෙන් පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) ප්‍රකාශ කළේය.
මෙම වංචා දූෂණ සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුව දැනුවත් කරන බව ද අමාත්‍යවරයා පැවැසීය.
රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිල දී ගැනීමේ දී ඒ සඳහා වැඩිම මුදලක් වැය කර ඇත්තේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියක් නොලත් සමාගමක් බවත්, එම සමාගමින් ඇන්ටිජන් කට්ටල මිලියන දෙකක් මිල දී ගැනීම සඳහා මහජන මුදලින් රුපියල් බිලියන 2.2ක් වැය කර ඇති බවත් අමාත්‍යවරයා හෙළි කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
වසංගත සමයේදී කොවිඩ් එන්නත් සහ ඇන්ටිජන් කට්ටල මිල දී ගැනීම සඳහා දල වශයෙන් රුපියල් බිලියන 3.2ක වියදමක් දරා තිබුණි. ඉන් බිලියන 2.2ක් වියදම් කර තිබුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවූ ආයතනයක් වෙතයි.
පීසීආර් කට්ටල සඳහාත් රුපියල් බිලියන 3.2ක් වියදම් කර තිබිණි. පීසීආර් කට්ටල සඳහා සහ රැපිඩ් ඇන්ටිජන් කට්ටල සඳහා රජය වියදම් කළ මුළු මුදල රුපියල් මිලියන 6422කි. දළ වශයෙන් බිලියන 6.4කි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇසූ ප්‍රශ්නයකට දීර්ඝ ලෙස පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙසේ ද පැවැසීය.
මේ මිල දී ගැනීම්වලදී එන්එම්ආර්ඒ ලියාපදිංචි වූ සමාගම් කවරේ ද කියලා. මෙතන සමාගම් 26ක් තියනවා. මේ සමාගම් 26 අතරින් සමාගම් 07කින් පී.සී.ආර් සහ ඇන්ටිජන් මිල දී අරන් තියනවා. ජොර්ජ් ස්ටුවට් එක රැපිඩ් ඇන්ටිජන් සහ පීසීආර් සපයලා තියනවා. හැබැයි මේ රැපිඩ් ඇන්ටිජන් සැපයීමේ දී මිලියන 2ක ප්‍රමාණයක් සපයපු රුපියල් මිලියන 2200ක් රජය විසින් වියදම් කරපු දිවස ෆාමා කලම්බො කියන සමාගම NMRA ලියාපදිංචි සමාගමක් නොවෙයි.
(ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න)
0 Comments