ශ්‍රී ලංකාවේ පොහො­සත්ම ක්‍රීඩා සංග­මය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ සහ­යෝ­ගය ලබා රටේ අනෙ­කුත් ක්‍රීඩා සංව­ර්ධ­නය කිරීම සඳහා විධි­මත් සැල­සු­මක් සකස් කිරී­මට ක්‍රීඩා අමා­ත්‍යාං­ශය සූදා­නම් වෙයි. ක්‍රිකට් ආය­ත­නයේ දාය­ක­ත්වය ලබා ගෙන ක්‍රිකට් ක්‍රීඩා­වට පම­ණක් සීමා නොවී අනෙ­කුත් පාසල් ක්‍රීඩා සංව­ර්ධ­නය සඳහා ද ගත හැකි ක්‍රියා­මාර්ග ඒම සැල­සු­මට ඇතු­ළත් වේ.

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ නිල­ධා­රින් අතර පෙරේදා ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ පැවති සාක­ච්ඡා­වේදී මේ සම්බන්ධ අව­ධා­නය යොමු විය.



ශ්‍රී ලංකාවේ සංචා­රක ව්‍යාපා­රය ප්‍රව­ර්ධ­නය කිරීම උදෙසා ක්‍රිකට් ක්‍රීඩාව යොදා ගත හැකි ආකා­රය පිළි­බ­ඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, ක්‍රිකට් ක්‍රීඩාව පද­නම් කර­ගත් ක්‍රීඩා ආර්ථි­කය දියුණු කිරීම සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු විය.

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළි­බඳ සාකච්ඡා කළ ඇමැ­ති­ව­රයා ක්‍රිකට් ක්‍රීඩා­වට අවශ්‍ය පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීමේ සැල­සුම් පිළි­බ­ඳ­වත්, ක්‍රිකට් ක්‍රීඩාං­ගණ වඩාත් තිර­සර ලෙස වැඩි­දි­යුණු කළ යුතු ආකා­රය පිළි­බ­ඳ­වත් අව­ධා­නය යොමු කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ යන්ත්‍ර­ණය පිළි­බ­ඳව හා පැන­නැඟී ඇති ගැටලු කඩි­න­මින් නිරා­ක­ර­ණය කිරීම සඳහා වූ ක්‍රම­වේ­ද­යන් පිළි­බ­ඳව ද මෙහිදී දෙපා­ර්ශ්වයේ අව­ධා­නය යොමු විය.



“ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නඟා­සි­ටු­වී­මට කිසිදු භේද­ය­කින් තොරව සියලු දෙනා එක්විය යුතුයි. වැඩි­දෙ­න­කුගේ අව­ධා­න­යක් හා ආද­ර­යක් ඇති ක්‍රිකට් ක්‍රීඩා­වෙන් රටට කීර්ති­යක් ගෙන දෙන ආකා­රයේ වැඩ­පි­ළි­වෙ­ළ­කට පූර්ණ සහ­යෝ­ගය දෙනවා” ක්‍රීඩා ඇමැ­ති­ව­රයා ශ්‍රී ලංකා ක්‍රිකට් නිල­ධා­රින්ට පැව­සීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභා­පති ශම්මි සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් විධා­යක සභා නිල­ධා­රින්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවති මේ සාක­ච්ඡා­වට ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න, තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර යන මහ­ත්වරු ද සහ­භාගි වූහ.
(ප්‍රින්ස් ගුණ­සේ­කර)