dead-body-habarana

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර  කිලෝමීටර් 38 කණුව අසල ගිනිගත් කැබ්රථයක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය පවසයි.

හබරණ මින්නේරිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් කැබ් රථයක් ගිනි ගන්නා බවට මින්නේරිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම ගිනි ගනිමින් තිබෙන කැබ් රථය මින්නේරිය පොලීසිය විසින් සොයා ගෙන ඇති බවයි පොලීසිය පවසයි.



මින්නේරිය පොලීසිය පවසන්නේ, ඊයේ (25 ) රාත්‍රී 10 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර එම අවස්ථාවේදී කැබ් රථය හබරණ දෙසට මුහුණලා  නතර කොට තිබී ඇති අතර එහි වෙනත් කිසිදු පුද්ගලයෙකු සිට නොමැති බවයි.



පුද්ගලයෙකු ඝාතනය කොට ඔහුගේ සිරුර කැබ් රථය තුල දමා පිලිස්සීම සඳහා කැබ් රථය මෙම ප්‍රදේශයට ගෙනවිත් ඊට ගිනි තැබීමට කටයුතු කරේද යන්න පොලීසිය විසින් සැක පළ කරයි.

මින්නේරිය පොලීසිය හා පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කර තිබෙයි.

මෙම ගිනි ගැනීමට ලක්වූ කැබ් රථය කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකුට අයත් කැබ් රථයක් බවට පොලිසිය විසින් සොයා ගෙන තිබෙයි.