ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනේ, නිධන්ගල ප්‍රදේශයේ මලියදේව මහරහතන් වහන්සේ සහ බක්කුල මහරහතන් වහන්සේ ධර්ම දේශනා කර ඇති බවට සැලකෙන ස්ථානයේ, චෛත්‍ය ඇතුළු පරිවාර චෛත්‍ය, සඳකඩපහණ, මල් ආසන, පුරාවස්තු රැසක් නිධන් හොරුන් විසින් විනාශ කර වනසා ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.
මේ පිළිබඳව ආරක්ෂක අංශ නිලධාරීන් සහ පුරාවිද්‍යා නිලධාරීර්න් දැනුවත් කළද ඊට මෙතෙක් කිසිදු විසඳුමක් ගෙන නොමැති බවත් කඳු මුදුනේ තිබූ ඉපැරණි චෛත්‍ය සඳකඩපහන්, ඇතුළු වටිනා පුරාවස්තු ස්ථාන හොරුන් විසින් වැනසීම නිසා ඓතිහාසික වටිනාකම්, අතීතයට පෙන්වීමට අවස්ථා නොමැති බව පුල්ලිගොඩ රජමහ විහාරාධිපති සිංහපුර චේතියාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
නිදන් හෑරීමෙන් අනතුරුව හොරුන් විසින් දමා ගිය වයර්, පහන්, බාල්දි, තාච්චි ඇතුළු උපකරණ කිහිපයක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.මීට දින කිහිපයකට පෙර සිට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිදන්ගල ප්‍රදේශයේ නිදන් හොරුන් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත්
රාත්‍රි කාලයේදී කඳු මුදුනේ ගල්වෙඩි දමන ශබ්ද පවා තමන්ට ඇසුණු බවත් ඒ පිළිබඳ අදාළ බලධාර්න් දැනුවත් කළද බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කනගාටුවට කරුණක් බවත් සිංහපුර චේතියාලංකාර නාහිමියෝ මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළහ.
පොළොන්නරුව ඇතුළු අවට ප්‍රදේශය සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද එම සංචාරකයන්ට දැක බලා ගැනීමට පවතින, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පුරාවස්තු මෙන්ම පෞරාණික සිද්ධස්ථාන මෙලෙස නිදන් හොරුන් විසින් විනාශ කිර්මට එරෙහිව ස්ථීර වැඩපිළිවෙළක් සකසන ලෙසද, චේතියාලංකාර නාහිමියෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළහ.
(නිමල් ජයරත්න)
0 Comments