galle-port-development-issues

යෝජිත ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියෙන් ගාල්ල, දෙවට සුන්දර වෙරළ තීරය අහිමි වීමේ අවදානමක් ඇතැයි දෙවට වෙරළ සුරැකීමේ ව්‍යාපාරය සහ දෙවට සර්ෆින් සංවිධානය පවසයි.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් දෙස්-විදෙස් සුපතළ බොනවිස්ටා කොරල්පරය, උණවටුන අභයභූමිය, උණවටුන වෙරළ තීරය සදහටම නැතිවනු ඇතැයි එම සංවිධාන පෙන්වා දෙයි.ගාල්ල දෙවට ප්‍රදේශයේ පසුගියදා (10දා) පැවැති මාධ්‍ය හමුවකදී එම සංව්ධානවල උප සභාපති භාරත සදරු කුමාරසිංහ මහතා මෙසේද කීය.


"දැන් ජනතාවාදී රජයක් පත්වෙලා තියෙනවා. මේ රජයෙන් ජනතාවට රටට අහිතකර දේ වෙන්නැහැ කියලා අප හිතනවා. දිනකට විශාල සංචාරකයන් පිරිසක් මේ වෙරළට එනවා.

ඒ, සුන්දරත්වය විඳින්න. මේ වෙරළ ගොඩකරලා වෙන වෙන ව්‍යාපෘති කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. වරාය සංවර්ධන වැඩසටහන් කරන්නේ නැහැ කියලා මේ රජය කියලා තිබෙනවා. අපි ඉන්නේ ඒවා ගැන සුබවාදීව හිතාගෙන.


දෙවට සර්ෆින් ක්‍රීඩා සමාජයේ සභාපති දුලිප් චන්දන මහතා මෙසේ කීය.

"සුන්දර දෙවට වෙරළ තීරය දැනට සර්ෆින් සඳහාම සුවිශේෂී වූ වෙරළ තීරයක්. මේ ප්‍රදේශයම ගොඩකරලා වරාය නගරයක් ස්ථාපනය කරන්න යනවා. මේවාට ඉඩ දෙන්න බැහැ. මොකද සංචාරකයන් විශාල පිරිසක් මේ සර්පින්වලට දැඩි ලෙස ඇලුම් කරනවා. මේ ප්‍රදේශයේ මුහුද ගොඩකරලා වරාය නගර හැදුවොත් ඒක නරක විදිහට සංචාරක ව්‍යාපාරයට බලපාවි. මේ වන විට මහජන අදහස් ලබා ගැනීමක් ආරම්භ කරලා තිබෙනවා. මෙවැනි ස්ථානයක් විනාශ කරන්නට දශක තුනක් තිස්සේ අරඅඳිනවා. මේ වගේ වැඩ කරන වරාය අධිකාර්යද වෙරළ සංරක්ෂණ අධිකාරියද අප විසින් හෙළා දැකිය යුතුයි.

මේ උණවටුන, රූමස්සල වෙරළ කලාපය කියන්නේ ඉතාම සංවේදී වෙරළ කලාපයක්. මේක විනාශ කරන්න ඉඩ දීලා අපට බලා ඉන්න බැහැ. ම

ේ වගේ නීති විරෝධී වැඩවලට නිලධාර්න් ඉඩ දීලා බලන් ඉන්නවා නම් ඒක විශාල වැරැද්දක්. වෙරළ සංචාරක අංශ මේ වගේ වැඩ කරනවා නම් අපිට වෙන්නෙ මේ ව්‍යාපාරවලින් ඈත්වෙලා ඉන්න.


ස්වාභාවික සුන්දරත්වය රැකගන්නේ නැති සංචාරක ව්‍යාපාරයකින් ඇති වැඩක් තියෙනවද. මේ උණවටුන, රූමස්සල කියන්නේ ලෝකයාම කියන අති සුන්දර තැන් කිහිපයක්. දෙවට වෙරළ සුරැකීමේ ව්‍යාපාරයේ උපදේශක නාලක පුෂ්පකුමාර සහ ප්‍රභාත් ජයන්ත යන මහත්වරු මෙසේ පැවැසූහ. "අපි නව රජයෙන් ඉල්ලීමක් කරනවා එක් එක් අයගේ වුවමනාවන්ට කෙරෙන මේ වැඩපිළිවෙළ වහා නැවැත්වීමට කටයුතු කරන්න කියලා. සංචාරක ආකර්ෂණය ගන්න කියලා වෙරළ තීර, කොරල්පර විනාශ කරනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේ අය කියන්නේ වරාය සංවර්ධනය කරනවා කියලා. ඒ මුවාවෙන් බොනවිස්ටා කොරල්පරය, උණවටුන අභය භූමිය, උණවටුන වෙරළ තීරය විනාශ කරන්න ආවොත් අපි දිවි හිමියෙන් සටන් කරනවා.
(රවීන්ද්‍ර චන්ද්‍රලාල්)