තමන් ලෙස පෙනී සිටින පුද්ගලයෙක් වීඩියෝ ඇමතුම් ලබාගනිමින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කරන ජාවාරමක නිතරවී සිටින බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මගේ නම පාවිච්චි කරලා මම හැටියටම පෙනී ඉන්න පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විදේශ රටවල් කිහිපයක මගේ නමින් ආධාර එකතු කරන්න පටන් ගෙන බව තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන් වට්ස්ඇප් ගෲප් පාවිච්චි කරනවාග ජපානය, දකුණු කොරියාව, එංගලන්තය වැනි රටවල අපිට හිතවත් අයට කතා කරලා තියෙනවා යැයි අමාත්‍යවරයා සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත පැවසීය.
0 Comments