harin-drunk-in-club

කොළඹ හතේ ක්‍රීඩා සමාජ ශාලා­වක බීම­තින් කල­හ­කා­රීව හැසි­රුණු හිටපු අමා­ත්‍ය­ හරීන් ප්‍රනාන්දු මහතා හූ හඬ මධ්‍යයේ එම ස්ථාන­යෙන් ඉවත්ව ගොස් තිබේ. මෙම සිදු­වීම වී ඇත්තේ පසු­ගිය සති අන්තයේ දින­ය­ක­දීය.
හිටපු අමා­ත්‍ය­ව­රයා අසභ්‍ය වචන කිය­මින් කෑකෝ ගස­මින් කළ ගාලගෝට්ටිය සමාජ ශාලාවේ සිටි බොහෝ පිරි­සක් පිළි­කු­ලෙන් යුතුව හෙළා දැක ඇත. හිටපු අමා­ත්‍ය­ව­ර­යා පාල­නය කිරී­මට ඔහුගේ හිත­ව­තුන් ඇතුළු පිරි­සක් බොහෝ වේලා­වක් තිස්සේ උත්සා­හ­ය­කද නිර­තව තිබේ.



මේ සියල්ල එහි සිටි පුද්ග­ල­යකු විසින් සිය ජංගම දුර­ක­ත­නයේ පටි­ග­ත­ කර අන්ත­ර්ජා­ල­ය­ටද මුදා­හැර තිබුණි.
එම වීඩියෝ දර්ශ­න­ව­ලට අනුව පෙනී යන්නේ සමාජ ශාලාවේ ආර­ක්ෂ­ක­යන් බව පෙනී යන පිරි­සක් සමඟ තවත් පිරි­සක් හිටපු අමා­ත්‍ය­ව­ර­යාව දැඩි පරි­ශ්‍ර­ම­යක් දරා එම ස්ථාන­යෙන් ඉව­තට රැගෙන යන අයු­රුය. එම අව­ස්ථාවේ දී සමාජ ශාලාවේ සිටි පිරි­සක් “හූ” තබන හඬද එහි ඇසේ. මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහ­තා­ගෙන් තොර­තුරු දැන ගැනී­ම­ටත් ඔහුගේ පාර්ශ්ව­යෙන් මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන් ඔහු­ගෙන් තවම ප්‍රති­චා­ර­යක් නොවීය.

මේ සම්බ­න්ධ­යෙන් කුරු­ඳු­වත්ත පොලිස් ස්ථාන­යෙන් කළ විම­සු­ම­කදී උසස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කරනු ලැබුවේ එවැනි සිදු­වී­මක් සම්බ­න්ධ­යෙන් වීඩියෝ දර්ශ­න­යක් තමන්ද දුටු බවය. අදාළ ක්‍රීඩා සමාජ ශාලාව තම බල­ප්‍ර­දේ­ශයේ පිහිටා ඇතත් මෙතෙක් ඒ සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ල්ලක් ක්‍රීඩා සමාජ ශාලාවේ සේව­ක­යන් හෝ කළ­ම­නා­ක­රු­ව­න්ගෙන් හෝ එම අව­ස්ථාවේ එම සමාජ ශාලාවේ රැඳී සිටි කිසි­ව­කු­ගෙ­න්වත් ලැබී නැති බවය.

Video Below