රියැ­දුරු අසු­නට යාබ­දව ඇති පැති දොර එක­ව­රම විවෘත වීම හේතු­වෙන් එය වැසී­මට රියැ­දුරු උත්සාහ ගන්නා විට වේග­යෙන් ධාව­නය වෙමින් තිබුණු හැටන් සිට මහ­නු­වර බලා ධාව­නය වෙමින් තිබුණු මගී බස් රථය හැටන් මල්ලි­අ­ප්පුව ප්‍රදේ­ශයේ දී මාර්ග­යෙන් ඉව­තට පැන අඩි 20ක් පමණ වූ ප්‍රපා­ත­යට පෙරළී තිදෙ­නකු මිය­ගොස් 56 දෙනෙ­කුට තුවාල සිදුව ඇති බව හැටන් පොලී­සිය සඳ­හන් කරයි.



මෙම අන­තුර සිදු­වන අව­ස්ථාවේ දී රියැ­දුරු ජංගම දුර­ක­ත­න­ය­කින් ඇම­තු­මක් ගෙන තනි අතින් බස් රථය ධාව­නය කර­මින් සිට ඇති බවට බස් රථයේ ගමන් කළ මගීන් පව­සන බව පොලී­සිය සඳ­හන් කළේය. ජංගම දුර­ක­ත­න­යෙන් ඇම­තුම ගනි­මින් ඔහු බස් රථය පදවා ඇත්තේ දකු­ණු­පස බාහුව පැති දොරට හේත්තු වන ලෙස තබා­ගෙන බව තුවාල ලැබූ­ව­න්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ දී අනා­ව­ර­ණය වී ඇති බව හැටන් කොට්ඨා­සය භාර පොලිස් අධි­කාරී ප්‍රදීප් වීර­සේ­කර මහතා සඳ­හන් කළේය.



නොසැ­ල­කි­ලි­මත්ව මගීන්ගේ ජීවිත අව­දා­නමේ දම­මින් රියැ­දුරා රිය ධාව­නය කර ඇති බව අන­තුර සම්බ­න්ධ­යෙන් කළ විම­ර්ශ­නයේ දී පෙනී ගොස් ඇති බැවින් රියැ­දු­රුට එරෙ­හිව දැඩිව නීති­මය පිය­වර ගන්නා බව ද ප්‍රදීප් වීර­සේ­කර මහතා පැව­සීය. මේ වන විට රියැ­දු­රාද රෝහ­ල්ග­තව ප්‍රති­කාර ලබන බව වීර­සේ­කර මහතා සඳ­හන් කළේය.

නාව­ල­පි­ටිය, නව­ති­ස්පනේ පදිං­චි­ක­රු­වකු වන රම්බො­ඩ­ගෙ­දර ප්‍රසන්න බණ්ඩාර (46) නමැති සැක­කාර රියැ­දුරු ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස හැටන් වැඩ බලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඊයේ නියෝග කරනු ලැබීය.

හැටන් සිට මහ­නු­වර දක්වා ධාව­නය වූ පුංචි සුරං­ග­නාවී නම් පෞද්ග­ලික බස් රථය මෙසේ අන­තු­රට ලක්වන්නේ පෙරේදා (21)ය.

මෙම අන­තු­රෙන් ජීවි­ත­ක්ෂ­යට පත්වූයේ මහ­නු­වර, යටි­නු­වර වීදියේ පදිං­චිව සිටි අබ්දුල් උව­යිස් (68), හැටන් වත්ත ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි දේව­රාජ් දිනේෂ් කුමාර් (14) සහ නොර්වුඩ් ඉහළ කොටසේ පදිං­චිව සිටි මුත්තු­රාකු (67) නමැ­ත්තන්ය.

අන­තු­රෙන් බස් රථයේ ගමන් ගත් 56 දෙනකු තුවාල ලබා දික්ඔය මූලික රෝහ­ලට ඇතු­ළත් කළ බවත්, ඉන් තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත් වූ බවත් හැටන් කොට්ඨා­සය භාර පොලිස් අධි­කාරී ප්‍රදීප් වීර­සේ­කර මහතා සඳ­හන් කළේය.

මෙම අන­තු­රින් බර­ප­තළ තත්ත්වයේ සිටි තුවා­ල­ක­රු­වන් 07 දෙනකු මහ­නු­වර ශික්ෂණ රෝහ­ලට මාරු කර යැවූ බවත්,

තවත් තුවා­ල­ක­රු­වන් 43 දෙනකු දික්ඔය මූලික රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබන බවත් දික්ඔය මූලික රෝහලේ අධ්‍ය­ක්ෂ­ව­රයා පැව­සීය. තුවාල ලැබූ කිහිප දෙනෙක් පෙරේදා සවස් වන විට ප්‍රති­කාර ලබා රෝහ­ලින් පිටව ගොස් තිබුණි.

අන­තු­රෙන් තුවාල ලැබූ බස් රථයේ රියැ­දුරු සහ කොන්දො­ස්ත­ර­ව­රයා දික්ඔය මූලික රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබයි. රියැ­දුරු ප්‍රති­කාර ලබන්නේ පොලිස් ආර­ක්ෂාව යට­තේය.

අන­තු­රට පත් බස් රථය අනු­මත ආසන සංඛ්‍යා­වට වඩා තවත් ආසන කිහි­ප­යක් සවි කර තිබූ බවට ද තොර­තුරු අනා­ව­ර­ණය වන බව සඳ­හන් කළ පොලී­සිය, අන­තු­රට ලක්වූ බස් රථයේ සවි­කර තිබූ ආර­ක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර බැලී­මේදී බස් රථය අන­තු­රට පත් වී විනාඩි කිහි­ප­යක් ඇතු­ළත එම කැම­රාවේ දර්ශන කිසි­යම් අයකු විසින් ජංගම දුර­ක­ත­න­යක් ඔස්සේ මකා දමනු ලැබ ඇති බවට කරුණු අනා­ව­ර­ණය වන බව ද පොලී­සිය පව­සයි.

එම දත්ත අප­රාධ විම­ර්ශන දෙපා­ර්තු­මේ­න්තුව වෙත යොමු කිරී­මට පොලී­සිය පිය­වර ගෙන ඇති අතර,

අන­තු­රට පත් බස් රථය පෙරේදා (21) රාත්‍රියේ හැටන් පොලී­සිය විසින් ගොඩ­ගනු ලැබිණි.

අන­තුර සිදුවූ බස් රථයේ රියැ­දුරා මීට මාස කිහි­ප­ය­කට පෙර ගිනි­ග­ත්හේන ප්‍රදේ­ශයේ රිය අන­තු­රක් කර ඇති බවත් එහි දී පුද්ග­ල­යකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති බවත් පොලී­සිය පව­සයි. එමෙන්ම එම රියැ­දුරු ධාව­නය කළ බස් රථ­යෙන් නාව­ල­පි­ටිය ප්‍රදේ­ශ­යේ­දීද රිය අන­තු­රක් කර ඇති බව ගිනි­ග­ත්හේන සහ නාව­ල­පි­ටිය පොලිස් ස්ථාන සඳ­හන් කරයි.

මෙම අන­තු­රෙන් ජීවි­ත­ක්ෂ­යට පත් 14 හැවි­රිදි දරුවා වකු­ගඩු රෝගි­යකු වන අතර, ඔහු සායන කට­යුතු සඳහා සහ­භාගි වීම සඳහා සිය සොහො­යු­රිය සමඟ මහ­නු­වර දක්වා ගමන් කර­මින් සිටි­යදී මෙම අන­තු­රට මුහු­ණපා ඇත.

ජීවි­ත­ක්ෂ­යට පත් එම දරු­වාගේ සොහො­යු­රි­යද අන­තු­රෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ ප්‍රති­කාර ලබයි.

හැටන් පොලී­සියේ රථ­වා­හන අංශයේ නිල­ධා­රින් සහ මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවා­හන අධි­කා­රියේ නිල­ධා­රින් එක්ව රිය අන­තුරු අවම කිරීම සඳහා පසු­ගිය දා හැටන් ප්‍රදේ­ශ­යේදී පෞද්ග­ලික බස් රථ රියැ­දු­රන් සහ කොන්දො­ස්ත­ර­ව­රුන්ට වැඩ­මුළු ද පවත්වා තිබූ අව­ස්ථා­වක මෙවැනි මාරක රිය අන­තුරු සිදු­වීම ඉතා­මත් ශෝක­ජ­නක සිද්ධි­යක් බැව් පොලී­සිය සඳ­හන් කරයි.

හැටන් කොට්ඨාස භාර පොලිස් අධි­කාරි ප්‍රදිප් වීර­සේ­කර මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ හා හැටන් මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රංජිත් ජය­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් හැටන් රථ­වා­හන අංශයේ නිල­ධා­රින් අන­තුර සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කරනු ලබයි.
( හැටන් - රංජිත් රාජ­පක්ෂ)