සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් මත්ද්‍රව්‍ය ජාලයක හෙරොයින් මිලි ග්‍රෑම් විසි පන් දහස් හාරසියයක් සමඟ අඹුසැමියන් ඊයේ (05) දා අලුයම අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියමව සිටියදී මෝසමක් මාර්ගයෙන් ඇප මත නිදහස් වූ දෙදෙනකු බව බව පොලිසිය කියයි.
හෝමාගම පොලිසියේ නිලධාරී කණ්ඩායමක් රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී හෝමාගම, දොළහේන ප්‍රදේශයේ දී හෙරොයින් මිලිග්‍රෑම් 15270 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමක දී අනාවරණය වූ තොරතුරකට අනුව හෝමාගම දොළහේන කොතලාවල මාවතේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී එහි රැඳී සිටි සැකකරුගේ බිරියගේ තිසර පටයේ සඟවාගෙන තිබූ තවත් හෙරොයින් මිලිග්‍රෑම් 10130 සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අඹුසැමියන් මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතා හමුවට ඉදිරිපත් කොට සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකාර පුද්ගලයා සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින දෙදෙනකුගේ සමීපතමයකු ලෙස කටයුතු කර ඇති බවත් ඔවුන්ට අයත් මත්ද්‍රව්‍යය සැකකරු මෙසේ ජාවාරම් කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කීය.
සැකකාර අඹුසැමි යුවළගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී රත්නපුර ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් සැකකරු බන්ධනාගාරගතව සිට ඇති බවත් ඉන් එක් ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටියදී මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වා මීට මාස අටකට පෙර ඇප මත මුදා හැර ඇති අයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ හෝමාගම මීගොඩ කහතුඩුව දියගම කොට්ටාව අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ පුද්ගලයා බව පොලිසිය කිය.
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )
0 Comments