horowpothana-incident

හොරො­ව්පො­තාන පොලිස් වසමේ ඇළ­ප­ත්වැව ප්‍රදේ­ශයේ පිහිටි පෙර පාස­ලක මිදුලේ සෙල්ලම් කර­මින් සිටි කුඩා දරු­ව­කුගේ ඇඟට, ගසක අත්තක් කඩා වැටීම හේතු­වෙන් අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පසුගියදා (16) ජීවි­ත­ක්ෂ­යට පත් වූ බව හොරො­ව්පො­තාන පොලී­සිය පව­සයි.



මෙලෙස අවා­ස­නා­වන්ත ලෙස ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත්තේ, ඇළ­ප­ත්වැව, මොර­කෑව හොරො­ව්පො­තාන ලිපි­නයේ පදිං­චිව සිටි ආර්.කේ. නෙසදු දුලාෂ් පෙරේරා නමැති වයස අවු­රුදු 5යි මාස 6ක පිරිමි දරු­වෙකි. මොර­කැව ප්‍රදේ­ශයේ පිහිටි පෙර පාසලේ ඉගෙ­නුම ලබ­මින් සිටි මේ දරුවා පෙර පාසල් අව­සන් වීමෙන් අන­තු­රුව සෙල්ලම් කර­මින් සිටි­යදී,

ගසක අත්තක් කඩා වැටීම හේතු­වෙන් ඉකුත් 12දා මේ අන­තුර සිදුව ඇතැයි පොලී­සිය කියයි. එදින පෙර පාසල නිම­වී­මෙන් අන­තු­රුව පෙර පාසල් ගුරු­ව­රිය මවු­පි­යන් පිරි­සක් කැඳවා, පෙර පාසලේ වර්ෂ අව­සාන විවිධ ප්‍රසං­ගය සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කර­මින් සිටි­යදී, එම දරුවා ගල් කැට රැගෙන ඒ ආස­න්නයේ සෙල්ලම් කර­මින් සිට ඇති බව දරු­වාගේ මව ප්‍රකාශ කර ඇතැයි පොලී­සිය කියයි.



ගසක අත්තක් කඩා වැටී දරුවා වැටී සිටින අයුරු දරු­වාගේ මාමා කෙනෙකු දැක වහා ක්‍රියා­ත්මක වී දරුවා හොරො­ව්පො­තාන ශික්ෂණ රෝහල වෙත ඇතු­ළත් කර ඇති අතර, දරු­වාගේ තත්ත්වය බර­ප­තළ වීම හේතු­වෙන් අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලට මාරු කර යවා ඇති බව ද පොලී­සිය සඳ­හන් කළේය. අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­ක­යට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පෙරේදා (16) මේ දරුවා ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව පොලී­සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක, රශ්මික ගම­ආ­රච්චි මහතා විසින් දේහය සම්බ­න්ධ­යෙන් මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්වී­මෙන් අන­තු­රුව පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්වී­මට නිය­මි­තව තිබිණි.

දරු­වන්ගේ ආර­ක්‍ෂා­වට තර්ජ­න­යක් වීම හේතු­වෙන් පෙර පාසල අසල දිරා­පත් වී ඇති අතු ඉවත් කර දෙන ලෙස අදාළ බල­ධා­රි­න්ගෙන් ඉල්ලා සිටි­යත් මෙතෙක් එය සිදු නොකර නැති බවත් මවු­පියෝ පව­සති. ඔවුන් වැඩි­දු­ර­ටත් පැව­සුවේ දරු­වාගේ ඇඟට වැටී ඇති දිරා­ගිය අත්ත දින 5ක් ඉක්ම ගියත් තව­මත් ඉවත් කර නැති බවයි.
(අනු­රා­ධ­පුර - බී.ජී. චතු­රංග)