අයි.එම්.එෆ්. ගිවිසුම සංශෝධනය කර ඇති බව ද එය ඉදිරි අය-වැයෙන් රටට දැන ගත හැකි බව ද සභා නායක බිමල් රත්නායක පවසයි.
ඒ, ඊයේ (දෙසැ. 4) පැවති පාර්ලිමේන්තු හමුවේදී ය.
බදු අඩු කිරීම පිළිබඳ තීරණය කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් පමණක් යැයි ද ජනපතිවරයාට ඒ පිළිබඳ තීන්දු තීරණ ගත නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය.
බදු අඩු කරනවා ද නැද්ද පිළිබඳ සමාජයේ කතාබහක් ඇති වී ඇති අතර ඉදිරි අය-වැයේදී මේ පිළිබඳ රටට ම දැක ගත හැකි වන බව ද ඔහු වැඩිදුර ත් සඳහන් කළේ ය.
0 Comments