kaduwela-incident

 පොලිස් අණ නොතකා ධාව­නය කළ මෝටර් රථ­ය­කට ඊයේ (10) අලු­යම කඩු­වෙල පොලි­සියේ නිල­ධා­රීන් පිරි­සක් විසින් වෙඩි තබා ඇතත් එම රථය නොන­වත්වා ධාව­නය වී ඇති බවත් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට මෙ‍ෙහ­යු­මක් ක්‍රියා­ත්මක බවත් වාර්තාවේ.කඩු­වෙල, හේවා­ගම ප්‍රදේ­ශ­යේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.



පොලිස් වෙඩි ප්‍රහාර මැද්දේ පලා­ගිය මෝටර් රථය බෝමි­රිය ප්‍රදේ­ශයේ එකක් බවට මේ වන විට හඳු­නා­ගෙන ඇතැයි කඩු­වෙල පොලී­සිය කියයි.

වැලි­විට, අටේ­ක­ණුව ප්‍රදේ­ශයේ පදිංචි කාන්තාව සහ මෝටර් රථ­යෙන් පලා­ගිය පුද්ග­ලයා අතර සමීප සබ­ඳ­තා­වක් තිෙබන බවත් පෙරේදා රාත්‍රී ඇති වූ කිසි­යම් හෝ ගැට­ලු­ව­කින් අන­තු­රුව එම කාන්තාව තුවාල ලබා ඇතැ­යිද මේ සම්බ­න්ධ­යෙන් එම කාන්තාව 119 පොලිස් හදිසි ඇම­තුම් අංශය දැනු­ම්වත් කර ඇති අතර පොලිස් නිල­ධා­රීන් එම ලිපි­නය සොයා යාමේදී පිට­ස්තර පුද්ග­ල­යකු එම ස්ථානයේ නොවීම හේතු­වෙන් පොලිස් නිල­ධා­රින් නැවත පැමිණ ඇති බවත් කියති.

තුවාල ලද එම කාන්තාව ප්‍රති­කාර සඳහා ඇයගේ පුතු සමඟ යතු­රු­පැ­දි­යෙන් කඩු­වෙල නග­රයේ දිවා රාත්‍රී විවෘ­තව තිබෙන වෛද්‍ය මධ්‍ය­ස්ථා­න­යක් කරා පැමි­ණී­මේදී ඊට පිටු­ප­සින් පැමිණ තිබූ සැක­කරු යතු­රු­පැ­දිය හැප්පී­මට උත්සාහ දැරී­මේදී ඇය පොලී­සිය පිහිටා තිබෙන මාර්ගය දෙසට යතු­රු­පැ­දිය ධාව­නය කර ඇති අතර,

එම අව­ස්ථා­වේදී මෝටර් රථයේ රියැ­දුරු ලෙස කට­යුතු කළ එම පුද්ග­ලයා යතු­රු­පැ­දියේ පිටු­ප­සින් හැප්පී­මට උත්සාහ දරන අයුරු පොලී­සිය ඉදි­රි­පිට ප්‍රධාන ගේට්ටුවේ රාජ­කාරී කරන පොලිස් නිල­ධා­රි­යාගේ නෙත ගැටී ඇතැයි පොලී­සිය කියයි.

ඒ බව රාත්‍රී රාජ­කාරි නිරත සේවා නිල­ධා­රියා දැනු­ම්වත් කර අදාළ මෝටර් රථය නැවැ­ත්වීම සඳහා පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නාම මාර්ග­යට පැමි­ණී­මේදී පොලිස් අණට කීකරු නොවූ රියැ­දුරු වෙට්ටු­වක් දමා එම ස්ථාන­යෙන් පලා­යා­මේදී උප සේවා නිල­ධා­රියා විසින් රාජ­කාරී ගිනි අවි­යෙන් මෝටර් රථය දෙසට වෙඩි තබා ඇති අතර වෙඩි ප්‍රහාර මැද්දේ මෝටර් රථය පලා­ගොස් තිබූ බව පොලී­සිය කියයි.

අදාළ මෝටර් රථය සම්බ­න්ධ­යෙන් මේ වන විට නිශ්චිත ලෙස තොර­තුරු සොයා­ගෙන ඇති අතර අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා විශේෂ පොලි­ස්‌ ­ක­ණ්‌ඩා­ය­මක් යොදවා ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.