kahawatte-incident

සතුන්ට ඇටවූ අනා­ර­ක්ෂිත විදුලි රැහැ­න­කට හසු වී 45 හැවි­රිදි දෙදරු මවක මරු­මු­වට පත් වීමෙන් පසු, ඇයගේ සිරුර නහවා තුවා­යක් අන්දවා මර­ණ­යට හේතුව වසන් කිරී­මට උත්සාහ ගත්තේ බවට සැක­පිට මිය­ගිය කතගේ සැමියා අත්අ­ඩං­ගු­වට ගත් බව කහ­වත්ත පොලී­සිය කියයි. විදු­ලි­සර වැදුණු හේතුව වසන් කිරීම සඳහා මිය­ගිය කාන්තා­වගේ සිරු­රට තෙත ඇඳු­මක්ද අන්දවා, සිරුර නිවෙසේ කාම­ර­ය­කට ගෙනැ­විත් දමා තිබුණු බවට පොලිස් පරී­ක්ෂ­ණ­ලදී හෙළි වූ බව පොලී­සිය පව­සයි. එසේම මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් හදිසි මරණ පරී­ක්ෂ­ණ­යේදී සැක­කාර සැමියා අසත්‍ය සාක්ෂි දුන් බවද හදිසි මරණ පරී­ක්ෂ­ක­ව­රයා සද­හන් කර තිබූ බවද පොලී­සිය සඳ­හන් කරයි.



මේ කරුණු අනා­ව­ර­ණය වූයේ ඉකුත් 17 දා පස්ව­රුවේ විදු­ලි­සර වැදී­ම­කින් මිය­ගොස් තිබුණු කහ­වත්ත, ජය­තුංග යටා­ගර ප්‍රදේ­ශයේ පදිංචි ජී.ඒ. සෙන­රත් චන්ද්‍ර­ලතා නම් දෙදරු මව­කගේ කහ­වත්ත මූලික රෝහ­ලේදී පැවැති පශ්චාත් මරණ පරි­ක්ෂ­ණ­යේ­දීය.

කහ­වත්ත මූලික රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක ආර්.එස්. ගොඩගේ මහතා විසින් හදිසි මරණ පරී­ක්ෂ­ණය පැව­ත්වීය.

එහිදී සාක්ෂි දුන් මිය­ගිය කාන්තා­වගේ සැමියා ප්‍රකාශ කර තිබුණේ දිය නාගෙන නිවෙස තුළට පැමිණි තම බිරිය මහා හයි­යෙන් කෑග­සන හඬ ඇසී තමා දුව ගොස් ඒ ගැන බැලූ බවයි. “ඒ අව­ස්ථාවේ මම හිටියේ ගෙදර ඉඩමේ. බිරිය බිම වැටී සිටියා. මට කෑගැ­සුණා. මම පුතා­ටත් බිරි­යගේ මල්ලී­ටත් කතා කළා. පසුව අස­ල්වා­සීන්ද ආවා” යනු­වෙන් ඔහු සාක්ෂි දී තිබිණි.



මිය­ගිය කාන්තා­වගේ විසි හැවි­රිදි පුතාද සාක්ෂි දෙමින් පවසා තිබුණේ තාත්තා කෑග­සන හඬට ගොස් බලද්දී අම්මා බිම වැටී සිටි බවයි. දිය නාගෙන පැමිණි කාන්තාව රෙද්දක් ගසද්දී එය කාම­රයේ විදුලි බල්බ­ය­කට සවි කර තිබූ විදුලි රැහැ­නක පැටලී විදු­ලි­සර වැදී ඇතැයි එම පියා සහ පුතු අසත්‍ය සාක්ෂි­යක් දී ඇතැයි හදිසි මරණ පරී­ක්ෂ­ක­ව­රයා පසුව අනා­ව­ර­ණය කර­ග­ත්තේය. මර­ණය සම්බන්ධ ස්ථානීය පරී­ක්ෂ­ණ­යේදී මිය­ගිය කාන්තා­වට විදු­ලි­සර වැදී ඇති ආකා­රය ගැන මරණ පරී­ක්ෂ­ක­ව­ර­යාට සැක මතු වූ නිසා කාන්තා­වගේ සැමියා, පුතා සහ සහෝ­ද­ර­යකු කහ­වත්ත මූලික රෝහ­ලට නැවත කැඳ­වනු ලැබීය.

රෙද්දක් ගසද්දී ඒ රෙද්ද විදුලි රැහැ­නක පැට­ලුණි නම් මිය­ගිය කාන්තා­වගේ අත­කට විදු­ලි­සර වැදිය යුතු බවත්, එහෙත් විදු­ලි­සර වැදී ඇත්තේ ඇයගේ පාද­ය­කට බවත්, එමෙන්ම රෙද්දක් ගසද්දී විදු­ලි­ස­රක් ශරී­ර­ගත වූයේ නම් එය මර­ණ­යක් සිදු වීමට තරම් ප්‍රබල වනුයේ කෙසේද යන්න සැක සහිත බවත් හදිසි මරණ පරී­ක්ෂ­ක­ව­රයා තීර­ණය කර තිබූ බව පොලී­සිය සඳ­හන් කරයි.
(කහ­වත්ත ලසන්ත නිරෝ­ෂණ පෙරේරා)