keththarama-vihar-fraud

ඛෙත්තා­රම පුරාණ විහා­ර­ස්ථා­නයේ ඉහළ මහලේ බුද්ධ මන්දි­රයේ තිබූ ඉපැ­රැණි මකර තොරණ හා එහි තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් 28 දින සොර­කම් කිරීමේ සිද්ධි­යට සම්බන්ධ හිමි­ව­රුන් දෙන­මක්, ගිහි පුද්ග­ල­යකු සමඟ සොර­කම් කළ භාණ්ඩ හා සොර­කම සඳහා යොදා­ගත් මෝටර් රථ දෙකක්ද, කෑගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රින් කණ්ඩා­ය­මක් විසින් පෙරේදා (01) රාත්‍රි අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.



අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ කිඹු­ල්වි­ල­වත්ත, දොම්පේ ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක වැඩ වාසය කරන බව කියන 28 හැවි­රිදි හිමි­න­මක්, මහ­නු­වර මහ­යි­යාව ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක වැඩ වාසය කරන හිමි­න­මක් සහ පේරා­දෙ­ණිය ගන්නෝ­රුව ප්‍රදේ­ශයේ සංචා­රක හෝට­ල­යක හිමි­ක­රු­වකු බවද පොලී­සිය පව­සයි.



දෙව­න­ගල රජ­මහා විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­පති පූජ්‍ය මැදි­රි­ගි­රියේ පුඤ්ඤ­සාර හිමි­යන් විසින් ඉකුත් 28 වැනිදා අදාළ සොර­කම සම්බ­න්ධ­යෙන් මාව­නැල්ල පොලී­සි­යට කළ පැමි­ණි­ල්ලක් මත සබ­ර­ගමු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සංජීව ධර්ම­රත්න මහ­තාගේ නියෝග මත කෑගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කය විසින් සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පවත්වා සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

දෙව­න­ගල රජ­මහා විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­පති පූජ්‍ය මැදි­රි­ගි­රියේ පුඤ්ඤ­සාර හිමි­යන් භාරයේ තිබෙන දෙව­න­ගල, කර­හ­ම්පි­ටි­ගොඩ ඛෙත්තා­රම පුරාණ විහා­ර­ස්ථා­නයේ ඉහළ මහලේ බුද්ධ මන්දි­රයේ සවි­කර තිබූ කෝටි දෙක­හ­මා­ර­කට

වඩා වැඩි බව පැව­සෙන ඉපැ­රැණි රිදී මකර තොරණ හා එහි තැන්පත් කර තිබූ පිත්තල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහ විහා­ර­ස්ථා­නයේ දින කිහි­ප­යක් වැඩ වාසය කළ තරුණ භික්ෂුන් වහන්සේ නමක් පසු­ගිය 27 වැනිදා රාත්‍රි­යේත් 28 වැනිදා පාන්දර කාලය අත­ර­තුර අතු­රු­දන්ව ඇති බවද පොලී­සිය පැව­සීය.

අත්අ­ඩං­ගු­වට ගත් නඩු භාණ්ඩ සහ සැක­ක­රු­වන් අද දින මාව­නැල්ල දිසා මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කිරීම සඳහා සැක­ක­රු­වන් හා නඩු භාණ්ඩ මාව­නැල්ල පොලි­සිය වෙත භාරදී ඇති බවද පොලී­සිය පව­සයි.
(අර­ණා­යක - රෝහණ ජය­රත්න)