පසුගිය මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට තරග වැදුණ කෝසල නුවන් ජයවිරගේ අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධ වෙස් පෙරළියක්ද මේවනවිට වාර්තාවී තිබේ.
කෑගල්ලෙන් 'ඉංජිනේරු කෝසල ජයවීර' යන නමින් ප්‍රචාරණ පෝස්ටර ප්‍රදර්ශනය කරමින් තරග වැදුණ ඔහුට මහමැතිවරණයේදී මනාප 61,713 ක් ලබාගතහැකිවූ අතර ඔහු කෑගල්ලෙන් තේරුණ මාලිමා හත් දෙනාගෙන් දෙවැනියා බවටද පත්විය.
මහ මැතිවරණ ප්රචාරක කාලසීමාවේදී තමන් ඉංජිනේරුවෙකු ලෙස ප්‍රචාරය කළ ඔහු සිය පෝස්ටර් වල තමන්ගේ දත්ත පත්‍රිකාවේ මෙසේ සටහන් කර තිබුණි.
"ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයේ හා ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේන් පාසල් අධ්‍යාපනය හදාරා විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ කෝසල සහොදරයා විවෘත විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වශයෙන් කටයුතු කල අතර සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් (SSU) ජාතික දේශපාලනයට පැමිණ ඇත."
විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු කවර පාඨමාලාවක් ඔහු හැදෑරුවේද නැද්ද යන්න පැහැදිලි නැත.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධ්‍යාපන සුදුසුකම හැටියට ඔහු ඩිප්ලෝමාධාරියකු වශයෙන් හා වෘත්තිය සුදුසුකම් ලෙස සහකාර ඉංජිනේරුවෙකු ලෙස දක්වා ඇති බව සටහන වෙතත් 'ඉංජිනේරු' ලෙස නම ඉදිරියේ ලියා තබන්නට ප්‍රමාණවත් උපාධියක් ලබා සිටි අයෙකු නොවන බව පෙනෙන්නට තිබේ.
ඔහුගේ සමාජ මාධ්‍ය පිටු වලින් ඉංජිනේරු නම සහිත සියලු ඡායාරූපද මේවනවිට අතුරුදන්ව ඇත.
0 Comments