kotahena-incident

කොටහේන ප්‍රධාන කාර්යාලයේ ලියුම් ඛෙදන්නෙක් රුපියල් ලක්ෂ 20කට අධික වටිනා හෙරෝයින් ග්‍රෑම් 110ක්ද සමග අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. ලියුම් බෙදන්නකු. නිල ඇඳුමින් සැරසී හොරෝයින් මත්කුඩු රැගෙන බොරැල්ල වනාත මුල්ල ප්‍රදේශයට පැමිණ සිටින බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.




සැකකරු අත්අඩංගුවට ගෙන ලියුම් මල්ල පරික්ෂා කිරීමේදී ලිපි අතර සඟවා තිබී හෙරෝයින් මත්කුඩු තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි. කොටහේන ප්‍රදේශයේම පදිංචි සැකකරු මත්කුඩු බෙදා හැරීම සඳහා වනාතමුල්ලට පැමිණ ඇති බවට පොලිසිය සැක කරයි. අත්අඩංගුවට ගත් සැකකාර ලියුම් බෙදන්නා පදිංචි කොටහේන නිවස විශේෂ සෝදිසියට ලක්කිරීම සඳහා ඊයේ (3) රාත්‍රියේම විශේෂ පොලිස් කණ්ඩායමක් යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)