පසුගියදා අධිකරණයෙන් ඇප මත නිදහස් වුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අපරාධකරුවන් ලෙස හඳුනා ගැනුණු අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් "පොඩි ලැසී" සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු” ඇප මත නිදහස් වී ගිය දින සිට කිසිදු තොරතුරක් වාර්තා නොවන බව බුද්ධි අංශවලට සම්බන්ධ ආරංචිමාර්ග හෙළි කරයි.
ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටි "පොඩි ලැසී" බලපිටිය අධිකරණයෙන් ඇප මත නිදහස් වන්නේ පසුගිය සතියේ සඳුදා (09දා) ය. මෙතෙක් කල් ඇප කොන්දේසි සම්පූර්ණ නොකර බන්ධනාගාරයේ සිට එක්වරම ඇප කොන්දේසි සපුරා නිදහස් වන පොඩි ලැසී රට තුළ සිටින්නේද නැද්ද යන්න පිළිබඳව සැකයක් මතුව ඇති බව මෙම ආරංචිමාර්ග සඳහන් කරයි. සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” පානදුර අධිකරණයෙන් ඇප ලබා ගත්තේ පසුගිය සිකුරාදා (20දා) ය. සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් අංක 96863 සහ 85145/22 දරන නඩුවලට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කර තිබිණි. ඔහු ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදු කර ඇති බවට චෝදනා ලැබූවෙකි.
ඇප ලැබූ කුඩු සළිඳු අඳුරු කරන ලද වාහනයකින් සිය ගෝලයන් පිරිසක් සහ නීතිඥවරුන්ද සමඟ අධිකරණ භූමියෙන් පිටත් වී මීගමුව ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු ඇතැයිද
ඔහුත් රට තුළ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධව නිශ්චිත තොරතුරක් වාර්තා නොවන බවද දැනගන්නට ඇත.ඔහුට සෑම ඉරිදාවකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණද ඔහුට එසේ පෙනී සිටීමට තිබූ පළමු දිනයේම එනම් පසුගිය 22 වැනිදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් ඊයේ (23දා) පානදුර අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඔහුට යළි වරෙන්තු නිකුත් කළේය.
0 Comments