lal-kantha-speaks

 
මීළඟට ජනතාවගෙන් විරෝධතා සුනාමියක් පැමිණෙන්නේ , දේශපාලඥයන්ට නොව රාජ්‍ය සේවකයන්ට බව ස්ථිරවම ප්‍රකාශ කළ හැකි බැවින් එය තේරුම් ගෙන රාජ්‍ය නිලධාන්ද කටයුතු කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ,

ජපානයේ වී ගොවිතැන් තාක්ෂණය අනුව නාච්චාදූව ගොවි ව්‍යාපාරයේ පිට ඇළ යාය ලියදි විශාල කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව සොයා බැලීම සඳහා ඉකුත් 27 දා සිදු කළ

නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එළවළු සහ පලතුරු අපනයන සැකසුම් මධ්‍යස්ථානයේ පැවැති රැස්වීමකදී ය.


ජනාධිපතිවරයාගේ සිට මන්ත්‍රීවරු දක්වාත්, පෞද්ගලික කාර්ය මණ්ඩලය දක්වාත් තිබුණු විවේචන වත්මන් ආණ්ඩුව මගින් අහෝසි කරමින් යන බවත්, මේ වන විට එම තත්ත්වය යම්තාක් දුරට අහෝසි කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. සියලු සංවර්ධනයන්ට පෙර අනාගත ලෝකයට සරිලන ලෙස දේශපාලනය සහ රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවත්, ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉඩම් පරිහරණය ඇතුළු කන්නයට අදාළ වගා නිර්දේශ අනුව ගොවි ජනතාව හැසිරවීමට නිලධාරීන්ට බලය ලැබෙන නීති ගෙන ආ යුතු බවත් අමාත්‍යවරයා කීය.

ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් වාරිමාර්ග වෙනුවෙන් විශාල ව්‍යාපෘති සහ විශාල මුල්‍ය දායකත්වයක් ලබා දී තිබුණද මෙතෙක් සිදුව ඇත්තේ ගොවියා ගොඩ නැගීම වෙනුවට, දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ ආර්ථිකය දියුණු වීම පමණක් බව ද

පවසන අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ මාස් කන්නයේ දී සැලකිය යුතු වී නිෂ්පාදනයක් වී අලෙවි මණ්ඩලය මගින් ගබඩා කර ගැනීමට කටයුතු කරන බවත්ය.