lohan-released-on-bail

බීම­තින් ඩිෆෙ­න්ඩර් රථ­යක් ධාව­නය කර කොල්ලු­පි­ටිය ප්‍රදේ­ශ­යේදී තවත් මෝටර් රථ­යක ගැටී අන­තු­රක් සිදු කිරීම සහ අන­තු­රට පත් මෝටර් රථයේ ගමන් ගත් පුද්ග­ල­යන්ට බැණ තර්ජ­නය කර කල­හ­කාරී ලෙස හැසි­රීම සම්බ­න්ධ­යෙන්හිටපු රාජ්‍ය ඇමැ­ති ලොහාන් රත්වත්තේ අත්අ­ඩං­ගු­වට පත්ව සිටි අතර ඔහු පසුගියදා සිය බිරිය සමග වාහනයක් සම්බන්ධ වංචා සිද්ධියකට රිමාන්ඩ් ගතව සිට නිදහස්ව දින කිහිපයකින් මෙය සිදුවිය.

සැක­කාර රත්වත්තේ මහතා පසු­ගිය 06 දා ඩිෆෙ­න්ඩර් රථය ධාව­නය කර­ගෙන කොළඹ ප්‍රදේ­ශ­යට යමින් සිටින අත­ර­තුර කොල්ලු­පි­ටිය මංස­න්ධියේ දී එම රථ­යට ඉදි­රි­යෙන් ධාව­නය කර­මින් තිබූ මෝටර් රථ­යක පසු­පස කොටසේ ගැටීම හේතු­වෙන් මෙම අන­තුර සිදුව ඇති බවද සිද්ධිය සම්බ­න්ධ­යෙන් කරුණු දක්ව­මින් කොල්ලු­පි­ටිය පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.



සිද්ධි­යෙන් අන­තු­රුව සැක­කාර ලොහාන් රත්වත්තේ මහතා අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­රයා වෙත ඉදි­රි­පත් කළ අතර ඔහු මත්පැ­න්ව­ලට අම­ත­රව කිසි­යම් මත්ද්‍ර­ව්‍ය­යක් භාවිත කර ඇති බවට අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­ර­යාගේ වාර්තාවේ සඳ­හන් වන බව ද අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රුන් හා පොලී­සිය විසින් අධි­ක­ර­ණ­යට දැනුම් දෙන ලදී.

රත්වත්තේ මහතා ධාව­නය කර­මින් තිබූ ඩිෆෙ­න්ඩර් රථය කොටස් එක­ලස් කර සකස් කළ රථ­යක් ද යන්න පිළි­බඳ විම­ර්ශ­නය කරන බව ද පොලී­සිය එහි දී අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. මෙම අන­තු­රින් පසුව ලොහාන් රත්වත්තේ අන­තු­රට පත් මෝටර් රථයේ ගම­න්ගත් රිය­දුරු ඇතුළු පුද්ග­ල­යන් දෙදෙ­න­කුට බැණ තර්ජ­නය කර ඇති බවත් පොලී­සිය තුළදී ද ඔහු කල­හ­කාරී ලෙස හැසු­රුණු බව ද පොලී­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.


කොල්ලු­පි­ටිය පොලී­සිය ඉකුත් 07 දා අධි­ක­ර­ණ­යට කළ දැනුම්දීම අනුව ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කළ අතර දින දෙකක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි ඔහු අද (09) දින කොළඹ කොටුව අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.
නඩුව ඉදිරියටත් විභාග වනු ඇත.