ශ්‍රී ලංකාවෙන් පලා ගොස් , බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා, කොටි සංවිධානය වෙනුවෙන් මුදල් එකතු කර, කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කවල එම මුදල් බෙදාහැරීම සිදු කළ පුද්ගලයෙකු , කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමකට අනුව පසුගිය 30 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාර්න් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දී තිබේ .
ෂංකර් විජේසුන්දරම් නමැති 43 හැවිරිදි මොහු කිලිනොච්චිය ,උරච්චිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .ඔහු ඉකුත් 2009 වසරේ දී ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍ය වෙත පලා ගොස්, එරට පුරවැසිභාවය ලබා ගෙන තිබේ.බ්‍රිතාන්‍යයේ දී ඔහු කොටි සංවිධානය වෙනුවෙන් මුදල් එකතු කර , එම මුදල් කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කයෙහි , ක්‍රියාත්මක වෙමින් තිබූ එම සංවිධානයේ සාමාජිකයන් වෙත ලබා දීමට කටයුතු කර ඇති බව පැවසේ .
මේ පිළිබඳ පැමිණිලි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ අතර , එම කොට්ඨාසයේ නිලධාරීර්න් 2012.05.31 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ,
මොහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පැනවීමට කටයුතු කර තිබේ .මේ බව නොදත් මෙම පුද්ගලයා ඉකුත් 30 දින උදෑසන 10.32 ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත .
එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .පසුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීර්න් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ මෙම පුද්ගලයා රැගෙන ගොස් ඇති අතර අද (02දා) අධිකරණයට ඉදිරිපත් කිර්මට නියමිතව තිබේ .කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාහු මොහු පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
( ටී.කේ.ජී.කපිල)
0 Comments