madurankuliya-incident

මත්පැන් සාදයක් අතරතුර පෙරේදා (9) ඇතිවූ බහින් බස් වීමකින් පසු ඇතිවූ ගැටුමකින් 55 හැවිරිදි විවාහකයකු මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය ඊයේ (10)පැවසීය.මෙලෙස මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය, වජිරවත්ත පදිංචි කම්කරු රැකියාවක නිරතව සිටි 55 හැවිරිදි කුමාරපේලි ආරච්චිලාගේ සරත් නන්දසිරි නමැති විවාහකයකු බව කියයි.




මෙම තැනැත්තා රැකියාවට ගොස් ආපසු නිවසට පැමිණෙමින් සිටියදී ඔහුගේ මිතුරන් බව කියන තිදෙනකු සමග රැඳී මත්පැන් පානය සඳහා එක්වන බවට බිරියට දන්වා ඇති බව කියයි.මොහු නැවත සවස් වන තුරුම නිවසට නොපැමිණීම නිසා බිරිය හා ඥාතින් සොයා බැලීමේ දී මත්පැන් සාදය පැවැත්වූ ප්‍රදේශයේ ස්ථානයක මෙම තැනැත්තා බිම වැටී සිටියදී සොයාගත් බවත්

මොහොතේම කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණ ද ඒ වන විටත් මොහු මරණයට පත්ව සිටි බව වෛද්‍යවරු පැවැසූහ.


පොලිසිය පවසන්නේ මේ වන විට සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මිතුරන් තිදෙනෙකු සමග මත්පැන් සාදයක් අතරතුරදී කිසියම් පහරදීමකට ලක්ව ඇති බවයි. පවුලේ ඥාතින් පවසන්නේ මෙම මත්පැන් සාදයට එක්වූ තිදෙනා විසින් තම සොහොයුරාට පහර දී ඝාතනය කර ඇති බවයි.මදුරන්කුලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් අදාළ පරික්ෂණ සඳහා එක්ව සිටිති.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)