හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව හැටකට අඩු කරනු ලැබ ඇත. මෙසේ මාරුකර යවා ඇත්තේ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය අංක 5 යටතට අනුයුක්ත කරනු ලැබ සිටි නිලධාරීන් පිරිසකි.
විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය අංක 5 යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්ෂාවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සැපයූ ආරක්ෂක රථ තුනක්ද මෙයට පෙර ඉවත් කෙරිණ. මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය අංශයෙන් කළ විමසුමකදී එහි නිලධාරියකු පැවැසුවේ හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරින් 116 දෙනකු සේවා අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙසේ ඉවත් කළ බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් හැට හත් දෙනකු රඳවා සෙසු පිරිස මෙසේ මාරුකර යැවූ බව ද ඔහු සඳහන් කළේය.හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක තත්ව වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇත.
(සුජිත් හේවාජුලිගේ)
0 Comments