nallathanniya-tiger-incident

මන්දක් අටවා කඳු­කර කොටි­යකු ඝාත­නය කර එම කොටි­යාගේ හිස සහ පාද හතර කපා­ගෙන ගොස් ඇතැයි බව නල්ල­ත­න්නිය වන­ජීවි කාර්යා­ලයේ නිල­ධා­රීන් පව­සයි.



හැටන් පොලිස් වස­මට අයත් පොඩ­යිස් වතු­යායේ ළඳු කැළෑ­වක මිය­ගිය කොටි­ය­කුගේ සිරු­රක් ඇති බවට එම වතු­යායේ වතු කම්ක­රු­වන් විසින් හැටන් පොලි­සි­යට ඊයේ (18) දින ලබා­දුන් දැනුම් දීමක් මත පොලිස් නිල­ධා­රීන් විසින් ඒ සම්බ­න්ධ­යෙන් නල්ල­ත­න්නිය වන­ජිවි කාර්යා­ලයේ නිල­ධා­රීන් දැනු­වත් කර ඇත.

හැටන් පොලි­සියේ නිල­ධා­රීන් සහ නල්ල­ත­න්නිය වන­ජීවි කාර්යා­ලයේ නිල­ධා­රීන් කොටි­යාගේ සිරුර සොයා­ගත් අව­ස්ථාවේ කොටි­යාගේ හිස සහ පාද හතර තිබී නැත. ඒවා කිසි­යම් අයෙක් විසින්

කපා­ගෙන ගොස් තිබී ඇත.

වන­ජීවී නිල­ධා­රීන් මෙන්ම පොලිස් නිල­ධා­රීන් විශ්වා­ස­ක­ර­නුයේ මෙම කොටියා මරා දමා සිරුරේ කොටස් කපා­ගෙන ගොස් ඇත්තේ දඩ­ය­ම්ක­රු­වෙක් විසින් බවය.

මෙසේ ඝාත­නය කර ඇත්තේ අවු­රුදු 10ක් පමණ වය­සැති හොඳින් වැඩුණු කඳු­කර කොටි­යකු බවත්, කොටි­යාගේ සිරුර හැටන් මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර පශ්චාත් මරණ පරි­ක්ෂණ සඳහා රන්දෙ­ණි­ගල වන­ජිවි පශු­වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව ද වන­ජීවි නිල­ධා­රි­යෙක් පැවැ­සීය.
( හැටන් රංජිත් රාජ­පක්ෂ)