narahenpita-incident

දෙවන වරට විවා­හ­යක් කර ගත් කාන්තා­වක විසින් ඇගේ දෙවන සැමි­යාට නොකියා හොර රහ­සේම දරු ගැබක් වෛද්‍ය­ව­ර­යකු මඟින් විනාශ කර ගත් බව කියන සිද්ධි­ය­කට අදා­ළව එම කාන්තාව ඇතුළු එම සිද්ධි­යට සම්බන්ධ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් බණ්ඩාර ඉලං­ග­සිංහ මහතා දෙම­ට­ගොඩ පොලී­සි­යට ඊයේ (10) නියෝග කළේය.





නාරා­හේ­න්පිට ප්‍රදේ­ශයේ පදිංචි සිසිර සම්පත් නමැති ඇගේ දෙවන විවා­හයේ සැමියා විසින් ඉකුත් 30 වන දින දෙම­ට­ගොඩ පොලී­සි­යට කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළ අව­ස්ථාවේ මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මෙම නියෝ­ගය ලබා දුන්නේය.

එම සිද්ධිය පිළි­බ­ඳව කරුණු දක්ව­මින් දෙම­ට­ගොඩ පොලී­සිය අධි­ක­ර­ණ­යට සඳ­හන් කරනු ලැබුවේ කල­ලය විනාශ කරනු ලැබූ නාරා­හේ­න්පිට ප්‍රදේ­ශයේ පදිංචි කාන්තාව පෙර විවා­හක කාන්තා­වක වන බවත් ඇය එම විවා­හය දික්ක­සා­දය වී ඇති බවට අසත්‍ය ප්‍රකාශ කර­මින් පැමි­ණි­ලි­කරු හා විවාහ වී ඇති බවත්ය.



එසේ විවාහ වූ පසු පැමි­ණි­ලි­කරු සහ එම කාන්තාව නාරා­හේ­න්පිට ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින අත­ර­තුර ඇය ගැබ්ගෙන ඇති බවත් ඒ බව පැමි­ණි­ලි­ක­රුට සඟවා ඔහුට හොර රහසේ කොළඹ පෞද්ග­ලික රෝහ­ලක් වෙත ගොස් එම දරු කල­ලය විනාශ කර ඇති බවත් පොලී­සිය අධි­ක­ර­ණ­යට දැන්වීය.

පැමි­ණි­ලි­කරු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා සඳ­හන් කරනු ලැබුවේ මෙම සිද්ධියේ සැක­කාර කාන්තාව පළමු විවා­හ­යෙන් දික්ක­සාද වී ඇති බවට අසත්‍ය ප්‍රකාශ කර­මින් පැමි­ණි­ලි­කරු හා විවාහ වී ඇති බවය.

එම කාන්තාව පැමි­ණි­ලි­කරු සමඟ ගැටුම් ඇති කර­ගෙන ඔහුව නි‍ෙව­සින් එළවා දැමී­මට ද කට­යුතු කර ඇති බවට පොලී­සිය කරුණු ඉදි­රි­පත් කළේය.



සැක­කාර කාන්තාව කොළඹ පෞද්ග­ලික රෝහ­ලක වෛද්‍ය­ව­ර­යෙකු ලවා කල­ලය විනාශ කර­ගෙන ඇති අතර ඒ පිළි­බ­ඳව පැමි­ණි­ලි­කරු තම හිත­ව­ත­කුගේ මාර්ග­යෙන් තොර­තුරු දැන­ගැ­නී­මෙන් පසුව සූක්ෂ්මව රෝහල වෙත ගොස් සිද්ධි­යට අදාළ සියලු වෛද්‍ය වාර්තා­වන් ද ලබා­ගෙන තිබෙන බව දෙම­ට­ගොඩ පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු දැක්වීය.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය සිද්ධි­යට අදා­ළව විම­ර්ශන කට­යුතු සිදු කර සිය­ලුම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කළේය.

පැමි­ණි­ලි­කාර පාර්ශ්වය වෙනු­වෙන් නීතිඥ නාලක ජය­සිංහ මහතා අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය.
(කල්පනි අබේ­සිංහ)