nawagaththegama-incident

නව­ග­ත්තේ­ගම, හල්මි­ල්ල­වැව ප්‍රදේ­ශයේ 15 හැවි­රිදි දැරි­යක අනා­ර­ක්ෂිත ලෙස නිවෙසේ තිබුණු ඇඹ­රුම් යන්ත්‍ර­ය­කින් (බ්ලෙන්ඩ­ර­යක්) පොල් කැබලි කුඩු කර­ගැ­නී­මට යෑමේදී පෙරේදා (19) විදු­ලි­සර වැදී එම ස්ථාන­යේ­දීම මර­ණ­යට පත්ව ඇතැයි නව­ග­ත්තේ­ගම පොලී­සිය කියයි.

මෙලෙස අවා­ස­නා­වන්ත ලෙස මර­ණ­යට පත්ව ඇත්තේ නව­ග­ත්තේ­ගම හල්මි­ල්ල­වැව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි දරු­වන් තිදෙ­න­කු­ගෙන් සම­න්විත පවු­ලක දෙවැනි දරුවා වන නඩ­ර­න්ජන් නිමල්ෂා දිලුනී නමැති දැරි­යක බව පොලී­සිය සඳ­හන් කරයි. මේ දැරිය කැලේ­වැව විජය විද්‍යා­ලයේ 9 ශ්‍රේණියේ අධ්‍යා­ප­නය හදා­ර­මින් සිටි දැරි­යක බවද, දැඩි ආර්ථික අප­හ­සුතා රැසක් මැද ජීවත් වූ මේ පවුලේ අයට හරි­හැටි නිඳා­ගැ­නී­ම­ට­වත් තැනක් ඔවුන් විසූ කුඩා නිවෙසේ නැතැ­යිද පොලී­සිය සඳ­හන් කරයි.

මේ දැරි­යගේ මව හා පියා කුලි රැකි­යා­වල නිරත අය වන අතර, මවු­පි­යන් රැකි­යා­ව­ලට ගොස් නිවෙ­සට පැමි­ණී­මට පෙර රාත්‍රී ආහා­ර­යට සම්බෝ­ලක් සැක­සීම සඳහා දැරිය පොල් ගෙඩි­ය­කින් කොට­සක් ගෙන එය කුඩු කර ව්‍යංජන සඳහා දැමී­මට කට­යුතු කර ඇති බව පරී­ක්ෂ­ණ­ව­ලදී තහ­වුරු වී තිබේ.

පොල් මිල ඉහළ යෑමත් සමඟ වෙළෙ­ඳ­ස­ල­කින් රැගෙන ආ පොල් ගෙඩි­යක් දින කිප­ය­කට පරි­ස්සම් කර­ගැ­නීමේ අර­මු­ණින් මෙලෙස ඇඹ­රුම් යන්ත්‍ර­යට දමා කුඩු කර­ගැ­නී­මට කට­යුතු කර ඇති වග හෙළි වූ බව පොලී­සිය සඳ­හන් කරයි.

කෙසේ වෙතත් දැරිය කැබලි පොල් කුඩු කර­ගැ­නී­මට යොදා­ගත් ඇඹ­රුම් යන්ත්‍රය දැඩි අනා­ර­ක්ෂිත තත්ත්ව­යක තිබී ඇති අතර, ඇඹ­රුම් යන්ත්‍ර­යට තවත් වයර දෙකක් අමුණා එය විදුලි පේනු­වට ගැසී­මට යෑමේදී මෙලෙස විදු­ලි­සර වැදී­ම­කට ලක්ව ඇති බව කියයි. විදු­ලි­සර වැදී­මෙන් තම සොහො­යු­රිය දඟ­ලනු දුටු ඇයගේ කුඩා සොහො­යුරා දිව ගොස් ප්‍රධාන විදුලි පරි­ප­ථය ක්‍රියා විර­හිත කර ඇති නමුත් ඒ වන විට රාත්‍රිය වී තිබීම නිසා පැවති දැඩි අන්ධ­කා­ර­යට බිය වූ ඔහු නැවත ප්‍රධාන විදුලි පරි­ප­ථය ක්‍රියා­ත්මක කර ඇති බවත්, එහිදී බර­ප­තළ ලෙස දැරිය විදු­ලි­සර වැදී­මට ලක්ව ඇති බවත් පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළිව තිබේ. කුලී රැකි­යා­ව­ලට ගිය පියා හා මව ඒ වන විටත් නිවෙ­සට පැමිණ නොති­බීම නිසා අස­ල්වැ­සි­යන්ට කෑගසා නිවෙ­සට ගෙන්වා­ගැ­නී­මට සොහො­යුරා කට­යුතු කර තිබී ඇති බව පොලී­සිය කියයි.

අස­ල්වැ­සි­යන් පැමිණ දැරිය විදුලි රැහැ­නින් ඉවත් කර කඩි­න­මින් නව­ග­ත්තේම රෝහ­ලට රැගෙන ගොස් තිබූ අතර, ඒ වන විටත් දැඩි අසාධ්‍ය තත්ත්වයේ සිටි දැරිය කඩි­න­මින් පුත්ත­ලම මූලික රෝහ­ලට යොමු කිරී­මට පිය­වර ගෙන ඇති නමුත් ඒ වන විට දැරිය මර­ණ­යට පත්ව ඇති බව කියයි. නව­ග­ත්තේම පොලී­සියේ පොලිස් සැර­යන් (36236) එම්.එම්. විජේ­රත්න මහතා මේ මර­ණය සම්බන්ධ පොලිස් පරී­ක්ෂණ සඳහා එක්ව තිබිණි.
(පුත්ත­ලම හිරාන් ප්‍රියං­කර ජය­සිංහ, ක්‍රිස්පිල් බෙන­ඩික් ප්‍රනාන්දු)