ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පක්ෂය නැවත කූද්දා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි.
අනෙකුත් දේශපාලන පක්ෂ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද අභ්‍යන්තර ගැටලු පවතින නමුත්, ඒවාට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව ඔහු අවධාරණය කරයි.
ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ ලකුණ යටතේ තරග කිරීම සඳහා විශාල අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇති බවයි. මේ පිළිබඳව පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා ඉදිරියේදී අවධානය යොමු කරනු ඇතැයිද ඔහු පැවසීය.
පළාත් පාලන මැතිවරණය සඳහා පෙර කැඳවූ නාමයෝජනා අවලංගු කර නැවත කැඳවීමට මැදිහත් වූ සියලු පාර්ශ්වයන්ට ඔහු ස්තූතිය පළ කළේය.
තවද, සුරංගනා කතා කියමින් බලයට පැමිණි වර්තමාන රජයේ ක්‍රියාකලාපය පෙර පැවති රජයේ ක්‍රියාමාර්ගවලට සමාන බැවින් ජනතාව කලකිරීමට පත්ව සිටින බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති මෙම කලකිරීමෙන් පක්ෂයක් ලෙස කිසිදු සතුටක් නොලබන බවද ඔහු අවධාරණය කළේය.
සහල් ආනයනය නොකරන බව ප්‍රකාශ කළ පිරිස දැන් සහල් ආනයනය කරන තත්ත්වයට පත්ව ඇති බවට ද ඔහු චෝදනා කළේය. වර්තමාන රජයේ ක්‍රියාකලාපය පිළිබඳ අවසාන තීන්දුව ඉතිහාසය විසින් ලබා දෙනු ඇති බව ද ඔහු අවසාන වශයෙන් පැවසීය.
0 Comments