padaviya-incident

මුදල් ගනු­දෙ­නු­වක් මුල් කර­ග­නි­මින් පද­විය ප්‍රදේ­ශයේ පදිංචි මත්කුඩු ජාවා­ර­මට සම්බන්ධ කාන්තා­වක මරා­දැ­මී­මට ඩුබා­යිහි රැඳී සිටින ආමි ප්‍රියන්ත නමැති මත්කුඩු ජාවා­ර­ම්කරු විසින් යෙදවූ වෙඩි­ක්ක­රු­ව­කුට වෙඩිල්ල වැරදී 73 හැවි­රිදි කාන්තා­ව­කට වෙඩි තබා මරා දමා ඇති බව එම ඝාත­නය සම්බ­න්ධ­යෙන් කළ විම­ර්ශ­න­යේදී හෙළි කර­ගත් පොලිස් විශේෂ කාර්ය බළ­කායේ පුල්මුඩේ කඳ­වුරේ නිල­ධා­රීන් සහ පද­විය පොලී­සියේ නිල­ධා­රීන් වෙඩි තැබී­මට යොදා­ගත් ටී56 ගිනි අවි­යක් සහ පිස්තෝ­ල­යක් සමඟ වෙඩි­ක්කරු ඇතුළු තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත්ව ඇත. මේ ඝාත­නය පසු­ගිය 5 දා සිදුව ඇති අතර, වෙඩි වැදී මිය­ගොස් ඇත්තේ වෙඩි­ක්ක­රුගේ ඉල­ක්කය බවට පත් කාන්තා­වගේ මිත්ත­ණිය බව පොලී­සිය සඳ­හන් කරයි.



මෙලෙස ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත්තේ පද­විය පොලිස් වසමේ අංක 837, ඩී. 13, බාල­යා­වැව, බෝග­හ­වැව ලිපි­නයේ පදිංචි නන්හා­මිගේ මුතු­මැ­ණිකා නමැති 73 හැවි­රිදි කාන්තා­වය.

රාත්‍රී 11.40ට පමණ ඩියෝ වර්ගයේ සුදු හා නිල් පැහැති යතු­රු­පැ­දි­ය­කින් පැමිණි දෙදෙ­නකු විසින් ටී56 ගිනි­අ­වි­යක් යොදා­ග­නි­මින් වෙඩි තබා තිබේ.

වෙඩි වැදුණු කාන්තාව අස­ල්වා­සීන් විසින් රෝහ­ල්ගත කර ඇති අතර, ඉකුත් (6) දා දහ­වල් 01.20 ට පමණ රෝහ­ලේදී ඇය මිය­ගොස් ඇත.

මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැත්වූ විශේෂ කාර්ය බළ­කායේ වැලි­ඔය කඳ­වුරේ නිල­ධා­රීන් කිරි­ඉ­බ්බ­න්වැව පදිංචි පුද්ග­ල­යකු ගිනි අවි දෙක සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. සැක­කරු වැලි­ඔය පොලිස් ස්ථාන­යට භාර දීමෙන් අන­තු­රුව රැඳ­වුම් නියෝග මත වැඩි­දුර විම­ර්ශන සිදු කර තිබේ. මේ සැක­කරු සම්බ­න්ධ­යෙන් පද­විය පොලී­සියේ නිල­ධා­රීන් කළ වැඩි­දුර විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වූ කරුණු මත මේ අප­රා­ධය කිරී­මට පැමිණි බවට සැක කරන වෙඩි­ක්කරු හා පැදි­කරු අප­රා­ධය සඳහා පැමිණි යතු­රු­පැ­දි­යද සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­රු­වන් වයස අවු­රුදු 26 හා 30 යන වය­ස්වල පසු වන, මහි­යං­ග­ණය හා ඇහැ­ටු­ග­ස්වැව ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන් බවද පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකා මාධ්‍ය ඒක­කය සඳ­හන් කරන්නේ සොයා­ගත් T56 ගිනි අවිය මෙට පෙර සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකක් සඳ­හාද යොදා­ගත් අවි­යක් බව පෙනී යන බවයි. ඒ එක් ඝාත­න­ය­කදී යුද හමුදා සෙබ­ළ­කුද අත්අ­ඩං­ගු­වට ගත් අතර, තවත් ඝාත­න­යක් සිදු වන්නේ දැනට ඩුබායි සැඟව සිටින සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වකු වන වැලි­ඔය ප්‍රියන්ත නමැ­ත්තාගේ බිරිය සමඟ අනි­යම් ඇසු­රක් පැවැත්වූ තැනැ­ත්තකු වෙඩි තබා ඝාත­නය කිරීම බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය සඳ­හන් කළේය. වැලි­ඔය ප්‍රියන්ත නමැත්තා පද­විය ප්‍රදේ­ශයේ හෙරො­යින් ජාවා­රම කිරී­මට කාන්තා­වක යොදා­ගෙන සිට ඇති බවත්, එම කාන්තාව හෙරො­යින් ගෙන මුදල් නොදීම හේතු­වෙන් එම කාන්තාව ඝාත­නය කිරීම සඳහා සැක­ක­රු­වන්ට කොන්ත්‍රා­ත්තුව දී ඇති බවට විම­ර්ශ­න­ව­ලින් තොර­තුරු හෙළ විණැයි පොලී­සිය කියයි.

විශේෂ කාර්ය බළකා අණ දෙන නිල­ධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ වරුණ ජය­සු­න්දර මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි, වව්නි­යාව කලාප අණ දෙන නිල­ධාරී පොලිස් අධි­කාරී කොඩි­තු­වක්කු මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන්,

සහ­කාර පොලිස් අධි­කාරි දයා­රත්න මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන්, විශේෂ කාර්ය බළකා පුල්මුඩේ කඳ­වුරේ කද­වුරු අණ දෙන නිල­ධාරී පොලිස් පරී­ක්ෂක කුල­තුංග ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විම­ර්ශන පවත්වා ඇති අතර, කැබ­ති­ගො­ල්ලෑව පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක විජය කුමා­ර­සිරි මහතා ඇතුළු නිල­ධා­රීහු සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන පව­ත්වති.
(කැබ­ති­ගො­ල්ලෑව - එස්.ජී. උබේ­පාල)