සුඛෝපභෝගී ජීප්රථයක් ධාවනයකර මහරගම පමුණුව ප්‍රදේශයේදී වාහන හතක් අනතුරට ලක් කර අයකු මරණයට පත් කර තවත් අයකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ජිප් රථ රියැදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම 13 වැනිදා දක්වා රිමාන්ඩ් කරන්නැයි ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් කෙරුණේ හොරණ, කුඩා උඩුව, දකුණ උඩුව පදිංචි ජේ.එච්.ටී. ජයසුන්දර (57) නමැත්තෙකි.සැකකාර ජීප් රථ රියැදුරු ඉකුත් 29 වැනිදා නාවින්න දෙස සිට පතිරගොඩ හරහා පොල්වත්ත දෙසට තම සුඛෝපභෝගී ජීප් රථය අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදී වේගය පාලනය කරගත නොහැකිව පමුණුව හන්දිය ආසන්නයේදී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පිටුපස ගැටී ඇති අතර, අනතුරුව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථ හතරක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියකද එය ගැටී අනතුරට ලක්ව තිබුණි.
අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පිළියන්දල, මකුළුදූව පදිංචිව සිටි 30 හැවිරිදි අයකු මරුමුවට පත්වූ අතර ත්‍රීරෝද රථ රියැදුරු බරපතළ තුවාල ලැබීය.සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, අනතුරක් වළක්වා නොගැනීම,
අපරික්ෂාකාරී රිය ධාවනය සහ බරපතළ තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
( බිමල් ශශ්‍යාමන් ජයසිංහ)
0 Comments