සෞඛ්‍ය ගැටලු සහිත ශ්‍රී ලාංකික කාන්තාවක් පැරිසිය බලා යමින් සිටියදී බදාදා ඉරාකයේ අර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන් යානයක් හදිසි ගොඩබාවාගෙන රෝහල්ගත කරන්නටත් පෙරාතුවම ඇගේ රෝග තත්වයන් නිසා ජීවිතයෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ශ්‍රී ලංකාවේ අහමඩ් ජලාල් කොන්සල්වරයාට අනුව දෝහා සිට පැරීසිය දක්වා එමින් සිටි ගුවන් යානයක ශ්‍රී ලාංකික කාන්තාවක් අසනීපව සිටින බව කුර්දිස්තාන් කලාපයේ අදාළ බලධාරීන් විසින් ඔහු සම්බන්ධ කර ගත් බවයි.
අර්බිල් ගුවන් තොටුපලට දන්වා යානය සවස 5:40 ට ගුවන් තොටුපළට පැමිණ ඇති අතර
ආධාර සැපයීම සඳහා වෛද්‍ය කණ්ඩායම් පැමිණි නමුත් කාන්තාව යානය තුළ මිය ගොස් සිටියදී හඳුනාගෙන තිබේ.
මියගිය කාන්තාව 81 හැවිරිදි වියේ පසුවූ අතර ප්‍රංශයේ ජීවත් වූවාය. ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ප්‍රංශ පුරවැසියෙකු වන ඇගේ පුතා සම්බන්ධ කරගෙන මවගේ මළ සිරුර පැරීසියට ප්‍රවාහනය කිරීමට උදව් කරන ලෙස කුර්දි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
"මෙවැනි සිද්ධියක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි," කොන්සල්වරයා සඳහන් කළේය.
මෙම යානය කටාර් එයාර්වේස් සමාගමට අයත් වේ. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සමාගම තවමත් අදහස් දක්වා නොමැත.
0 Comments