පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද දින විශේෂ පරීක්ෂණයකට ලක්කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කර සිටියි. මෙම පරීක්ෂණයේදී සහල් මෝල්වල දෛනික නිෂ්පාදනය, පවත්නා තොග ප්‍රමාණය මෙන්ම වෙළඳපොළට නිකුත් කරනු ලබන සහල් ප්‍රමාණය පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් සකස් කෙරෙන බව අධිකාරියේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි දිවයිනේ සියලු සහල් මෝල් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
පෙර දින (07) සහල් මෝල් හිමිකරුවන් සමඟ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ අද දින සිට සියලු සහල් මෝල් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් යොමු කරන බවයි.
0 Comments