poya-day-arrack

උඳුවප් පොහෝ දින බලපත්‍ර නොමැතිව විදෙස් මත්පැන් අලෙවි කරමින් සිටි බම්බලපිටියේ පිහිටි ප්‍රසිද්ධ රාත්‍රි සමාජ ශාලාවක් වැටලූ බව පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ වෙත ඊයේ (16 වැනිදා) දන්වා සිටියේය.





මෙම මස 14 වැනිදා දින එනම් පොහෝ දින අලුයම 4.00 ට පමණ විදෙස් මත්පැන් අලෙවිකරමින් සිටි එම රාත්‍රි සමාජ ශාලාව වැටලූ බව බම්බලපිටිය පොලිසියේ නිලධාරින් අධිකරණය වෙත දන්වා සිටියේය.

අදාළ වැටලීමේදී බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට තබා තිබූ විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 12 ක් සහ බියර් කෑන් 72 ක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

අදාළ රාත්‍රි සමාජ ශාලාවේ කළමනාකාරිත්වය විසින් එක් මත්පැන් බෝතලයක් බලපත්‍ර නොමැතිව රුපියල් 11,500 කට විමර්ශන නිලධාරියකුට අලෙවි කර තිබූ බවද පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.



මෙම සිද්ධියට අදාළව රාත්‍රි සමාජශාලාවේ කළමනාකරු බව කියන විත්තිකරුට එරෙහිව චෝදනා 02 ක් යටතේ බම්බලපිටිය පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

එම චෝදනාවලට විත්තිකරු වරද පිළිගත් අතර, අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ විසින් ඔහුට රුපියල් 97,000 ක දඩ මුදලක් නියම කළේ ය.
(ඉෂාර රත්නකාර)