2024 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන 21 වැනි රයිගම් ටෙලීස් උළෙල 2025 මාර්තු 29 වන දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඊට පෙර නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල බත්තරමුල්ල වොටර්ස්ඒජ් හිදී 2025 පෙබරවාරි 28 දින පැවැත්වෙන අතර මේ සම්මාන සඳහා අයදුම් කරන ලෙස සංවිධායක මන්ඩලය රූපවාහිනී හා ටෙලි නාට්‍ය ක්ෂෙත්රයේ නිර්මාණවේදීන්ට ඇරයුම් කර තිබේ.
දෙසැම්බර් 11 වනදා පැවති මාධ්‍ය හමුවකදී දන්වා සිටියේ 2025 ජනවාරි 15 - 2024 වර්ෂයට අදාල අයදුම් පත් හා නිර්මාණ භාරගන්නා අවසාන දිනය බවයි.
මාධ්‍ය හමුව සඳහා ආචාර්ය රවී ලියනගේ (සභාපති, රයිගම් සමූහ ව්‍යාපාර) කිශාන් තියොඩර් මහතා
(කළමණාකාර අධ්යක්ෂ, රයිගම් ) ගණක අමරසිංහ මහතා - (ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ රයිගම්) සමග විනිහ්චය මණ්ඩලය වෙනුවෙන්
රවීන්ද්‍ර ගුරුගේ මහතාත් අනුග්‍රාහක භවතුන් වෙනුවෙන් සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය සාමාන්‍යාධිකාරී
තාරක රන්වල මහතාත් එක්ව සිටියහ.
ටෙලිනාට්‍ය විශිෂ්ටතා, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා, ජනප්‍රිය සම්මාන, ජනගත සම්මාන, ප්රණාම සම්මාන ඇතුලු සම්මාන කුලක රැසක් ඇතුළත් මෙම උළෙලට සම්මාන අයදුම් කිරීමට අපේක්ෂා කරන අය 074 4061 508 හෝ 074 4062 254 අංක මඟින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටී.
මාධ්‍ය හමුව අතරතුර ඡායාරූප කිහිපයක් පහතින්
0 Comments