slmc-sjb


සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරුන් සිව් දෙනාගේ නම් අද දිනයේදී මැතිවරණ කොමිසමට යොමු කිරීමට පියවර ගෙන ඇත.

එම නම් 4 වන්නේ සුජීව සේනසිංහ, නිසාම් කාරියප්පර්, මනෝ ගනේෂන්, මුත්තු මොහොමඩ්ය.


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර පුරප්පාඩු පිරවීම සඳහා නම් යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේද අදය.





ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 කින් 1 ක් පුරවා ඇතත් අනෙක්වා ගැන වාදවිවාද පවතින අතරවාරයේ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා තම පක්ෂය වෙනුවෙන් මේ පියවර ගෙන තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කර පැය කිපයකින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමටසජබපියවර ගත් අතර මේ දක්වා වාද අවසන් විය.