stat-department-survay

ජන හා නිවාස සංගණනයේ කටයුතු සදහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාසවලින් තොරතුරු නොදීමේ තත්වයක් වාර්තා වී ඇති බවත් මේ හේතුවෙන් සංගණනයේ කටයුතුවලට බාධා මතුවී ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.






විවිධ හේතුමත කොළඹ නගරයේ මේ තත්ත්වය තදින්ම දක්නට ලැබෙන බව පැවැසේ.සංගණන කටයුතු සඳහා නිවාසවලට පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරින්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි ද ඇය කීවාය.ජන හා නිවාස සංගණනයේ තොරතුරු රැස්කිරීම 2024 වසරේ ඔක්තෝබර් මාසයේ ආරම්භ කළ අතර ඒ සඳහා දිවයිනපුරා නිලධාරීන් 35,000 ක් පමණ යොදවා ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.


මෙම සංගණනය මගින් ඉදිරි වසර 10 සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට සැලසුම් සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ලබාදීමට නියමිතය.

එම සංගණන කටයුතු මෙම දෙසැම්බර් 23 වැනිදායින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.


සංගණන අඥාපනත යටතේ පැවරී ඇති බලතල අනුව මෙම තොරතුරු රැස්කිරීම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බැවින් කිසිදු ආකාරයකින් පෞද්ගලික මට්ටමේ තීන්දුගැනීමට මෙම තොරතරු භාවිතා නොවන බවත් ඇය කීවාය. ගන්නා නිලධාරියකු සංගණනය තොරතුරු රැස්කිරීමට නිවසට නොපැමිණියහොත් 1901 දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය තවදුරටත් පැවසුවාය.
(නිමල කොඩිතුවක්කු)