ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස චිත්‍රපට අධ්යක්ෂ සුදත් මහදිවුල්වැව මහතා ඊයේ (2024.12.23) පෙරවරුවේ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී වැඩ භාරගත්තේය.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන්,
මාධ්‍ය ලේකම් රුවන් ලියනාරච්චි, ජාතික චිත්‍රපට සංංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවී කලුපහන, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් මංජුල සිරිසෝම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වු බව වාර්තා විය.
සුදත් මහඅදිවුල්වැව ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ විවිධ වෘත්තාන්ත චිත්‍රපට, වාර්තා චිත්‍රපට, ආදී කෘති සඳහා වඩාත් ප්‍රසිද්ධය. රාජ්‍ය ටෙලි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට සම්මානය,
ඕසීඅයිසී ජාත්‍යන්තර සම්මානය සහ ජනාධිපති සම්මාන ඇතුළු තවත් විවිධ සම්මාන ලබා ඇත.
0 Comments