නාගරික සංවරිධන අධිකාරියට පවරා ගත් කොළඹ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට රුපියල් කෝටි 25ක පමණ වන්දි සහ වන්දි පොලී ගෙවීම සදහා අවශ්‍ය කටයුතු කර දීමට රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තේ යැයි අධිකරණයට ඉදිරිපත් කළ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සුලෝචන ගමගේ මහතා සහ ව්‍යාපාරිකයකු ලබන වසරේ ජනවාරි 6 වැනිදා දක්වා ඊමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාන් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉකුත් දා (27) නියම කළේය.
සැකකරුවන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර සිදු වූ දුරකතන සාකච්ඡා පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළේය.හිටපු පළාත් සභා මන්ත්‍රී සුලෝචන ගමගේ මහතාට අමතරව මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ, දුෂාන්ත දිනේෂ් රත්නායක නමැති ව්‍යාපාරිකයෙකි.
වමින්ද තුෂාර වර්ණසූරිය නමැති ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ලකට අනුව පසුගිය 27 වැනිදා කළ වැටලීමකදී පිටකෝට්ටේ ප්‍රදේශයේ වෙළෙඳසලක් ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 90ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට කියමින් ගත් බව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
සිද්ධියට අදාළව කෙරුණ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් අල්ලස් කොමිසමේ නිලධාරීහු, පැමිණිලිකාර චමින්ද තුෂාර වර්ණසූරිය නමැති ව්‍යාපාරිකයාගේ නැන්දණියට අයත් කොළඹ ටොරින්ටන් ඇවිතිහි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන ඇතැයි ද, එම ඉඩම සඳහා රුපියල් කෝටි 11ක වන්දි මුදලක් ද වන්දි පොලී වශයෙන් රුපියල් කෝටි 14ක මුදලක් ද ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් සැකකරු රුපියල් ලක්ෂ අනූවක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇතැයි දැනුම් දුන්හ.
චමින්ද තුෂාර වර්ණසූරිය නමැත්තා මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදීපිටකෝට්ටේ ප්‍රදේශයේ ‘ගැමි ගෙදර නමැති වෙළෙඳසල ඉදිරිපිටදී සැකකරුවන් රුපියල් ලක්ෂ 90ක අල්ලස ලබා ගන්නා අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් නිලධාරීහු, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි ද දැනුම් දුන්හ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිපදෙනකුගේ සටහන් කරගත යුතු බවත්, සැකකරුවන් හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර සිදු වූ බව කියන දුරකතන සංවාද පිළිබඳ විමර්ශනය කළ යුතු බවත්, එම තත්වය යටතේ සැකකරුවන්ට ඇප නියම කළහොත් විමර්ශන කටයුතුවලට බවත් දැනුම් දුන් නිලධාරීහු, සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින්, තම සේවාදායකයන් අල්ලසක් ලබා ගෙන නැතැයි ද, පැමිණිලිකරු තම සේවාදායකයන්ට ලබා දී ඇති චෙක්පත් වලට අදාළ මුදල් ලබා ගැනීම සඳහා පැමිණෙන්නැයි ඔවුන් කළ දැනුම්දීමකට අනුව එහි ගිය අවස්ථාවේදී තම සේවාදායකයන් අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද කීහ.
චෙක්පත් ආදිය ඉදිරිපත් කිරීමට තම සේවාදායකයන්ට හැකියාව ඇතැයි කී නීතිඥවරු, මෙම චෙක්පත් ආදිය ඉදිරිපත් කිරිම සඳහා අද 30 වැනිදා මෙම පැමිණිල්ල යළි කැඳවන්නැයි ඉල්ලා සිටියහ.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරුවන් ලබන වසරේ ජනවාරි 6 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා,
සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.
0 Comments