රාත්‍රී කාලයේ රථවාහන රාජකාරිවල යෙදී සිටින නිලධාරීන් මින් ඉදිරියට රථ වාහන නතර කිරීමේදී රියැදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැලඳ සිටීමටත්, රථවාහන නැවැත්වීම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිත කිරීමටත් වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත.
රථ වාහන රාජකාරි නිරත නිලධාරීන් රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධව - පොලිස් මූලස්ථානය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර මේ බව දැනුම් දී ඇත.
රථවාහන රාජකාරි නිලධාරීන් රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී බොහෝ අවස්ථාවල විවිධ ආකාරයේ විදුලි පන්දම් භාවිත කිරීම තුළින් එම විදුලි පන්දම් ආලෝකය රියැදුරන්ගේ මුහුණට වැදීම හේතුවෙන්, ඇතැම් අවස්ථාවල රථය හැසිරවීමට සහ පාලනය කිරීමට ඇති වන අපහසුතාවය මෙන්ම එමඟින් අනතුරු සිදුවීමට ඇති හැකියාවත්, ආලෝක පරාවර්තන ජැකට් පැලඳ නොසිටීම තුළින් නිලධාරින් අනතුරට පත් වීමේ අවකාශය වැඩි බවටත් නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව මින් ඉදිරියට රථවාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරින් මින් පෙර උපදෙස් ලබාදී ඇති පරිදි රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී, අදාළ නිලධාරියා රියැදුරන්ට මනාව දර්ශනය වන ලෙස ද
රාත්‍රී රාජකාරි යොදවන නිලධාරීන් එසේ ක්‍රියා කරන්නේ ද යන්න නිරන්තරවම අධීක්ෂණය කරන ලෙසට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් වෙත වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
(රක්ෂණ ශ්‍රියන්ත)
0 Comments